( එස් හේරත්)
දුම්මලසූරිය විලත්තව ප්‍රධාන මාර්ගයේ තල්කටුව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉඳුරුවගේ සම්සන් නමැති හැටතුන් හැවිරිදි දෙදරු පියෙකි.
වෘත්තියෙන් කම්කරුවකු වන මරණකරු දුම්මලසූරිය විලත්තව ප්‍රධාන මාර්ගයේ තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී තල්කටුව ප්‍රදේශයේදී ඔහුට ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් ඔහුගේ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී තිබේ.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රදේශවාසීන් විසින් හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගොස් භාර ඇති අතර රෝහල වෙත ගෙන යන විටත් ඔහු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් කම්කරුවා මරුට