ගත වූ පැය 24රේ දැරියන් හතක් අපයෝජනයට ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතරවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 28 June 2023
වැන්ගර් කුලි හේවයන් නිසා වැඩි වූ බොරතෙල් යළි පහළට රුසියාවේ වැග්නර් කුලී හේවායන් පසුගිය 24 වැනිදා සිදු කළ කැරැල්ලත් සමඟ සුළු වශයෙන් ඉහළ ගිය බොරතෙල් මිල නැවතත් පහළ ගියේය. 28 June 2023
දුම්රිය දෙකක් නවතා සිසුහු මහ මඟට දමලා මාතලේ සහ මහනුවර අතර ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් හදිසියේ අවලංගු කිරීමෙන් පාසල් සිසුන්,රජයේ සේවකයන් ඇතුළු එදිනෙදා ප්‍රවාහන පහසුකම් ලබාගන්නා විශාල පිරිසක් දැඩි අපහසුතායට පත් වූහ. 28 June 2023
ලංකා සතොසට කෝටි 1500ක පාඩුවක් ලංකා සතොස ආයතනය 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 28 June 2023
ලක් දියණිකයට කැනඩා රජයේ ලොකු පුටුවක් ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබේ. 28 June 2023
භූතයා ගිලින අස්වැන්නට විසැඳුමක් සොයයි ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වැන්නට නාස්තියක් වෙතියි ද එම නාස්තිය අවම කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකසන ලෙස ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර තිබේ. 28 June 2023
යෝධ ග්රහකයක් අද පෘථිවිය අසලින් යනවා තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය. මෙම ග්රහකය පෘථිවියේ හැපීමේ කිසිදු ඉඩක් නැති බව තාරකා විද්‍යාඥයෝ තහවුරු කර තිබේ. 28 June 2023
ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවාවන් හි පවතින නියමුවන්ගේ හිඟයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීම සඳහා අවසරය පතා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා පවසයි. 28 June 2023
පූජාවට ඇවිත් මාල කඩාලා කිලිනොච්චිය මිනච්චි අම්මාන් කෝවිලේ පූජාවකට සහභාගි වූ 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා ඇතැයි කිළිනොච්චි පොලිසිය පවසයි . 28 June 2023
දරුවන් දෙදෙනකු මිය ගිහින් නාවලපිටියේ දි සහ වාකරේ ප්‍රදේශයේ දි දරුවන් දෙදෙනකු සිදු වූ අනතුරු දෙකකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 28 June 2023
කිලිනොච්චියේ වෙඩි තැබීමක් කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 28 June 2023
වල්අලි කැඩූ බිත්තිය දරුවන් දෙදෙනාගේ ඇඟමතට වැටේ ඇලයාපත්තුව පොලිස් වසමේ මනින්ගමුව ප්‍රදේශයේ නිවසකට වල් අලියකු පහර දීම හේතුවෙන් එම නිවසේ නිදා සිටි පාසල් දැරියන් දෙදෙනකු මතට නිවස බිත්තියක් කඩාවැටී තුවාල ලැබූ එම සිසුවියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 28 June 2023
බස්නාහිරට - සබරගමුවට ටිකක් තදින් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 June 2023
ලාන්ස් කෝප්රල් කුඩු සමග මාට්ටු හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 150ක් ලඟ තබාගෙන සිටි යුද හමුදා සෙබළකු ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 28 June 2023
නොදන්වා රට පැනපු ඩොක්ටර්ස්ලා 83කට රතු නිවේදන අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (v.o.p) නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ (තෘතීක සත්කාර සේවා)වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය. 27 June 2023
හඟුරන්කෙත ඝාතනයට අටක් සැකපිට හගුරන්කෙත උඩවත්තකුඹුර ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 27 June 2023
සියරා ලියොන් ඡන්ද නිරීක්ෂණයට ලාංකිකයෝ දෙදෙනෙක් සියරා ලියොන් රාජ්‍යයේ පාර්ලිමේන්තු සහ පළාත් පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ද තෝරා ගනු ලැබ සිටිති. 27 June 2023
මුස්ලිම් පාසල් 30 වැනිදා වැසෙයි හජ්ජි උත්සවයට පසු දිනය වන ලබන 30 වැනිදා (සිකුරාදා) සියලුම මුස්ලිම් පාසල්වලට විශේෂ නිවාඩුවක් දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 27 June 2023
කාන්තා නාවික සෙබළියෝ නාව්ක ඉතිහාසය අලුත් කරති සාර්ථකව පුහුණුව අවසන් කළ නාව්ක හමුදා ඉතිහාසයේ පළමු කාන්තා පැරිෂුට් කණ්ඩායම ඉකුත් දා විසිර ගියහ. 27 June 2023
කැලණිවැලි දුම්රිය හෙට දහවල් වන තෙක් නෑ බේස්ලයින් දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක් පිලි හානියට පත් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම හෙට දවස තුළ ද සිදු කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 27 June 2023
වසර පහකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කරයි ලංකාවෙි මුළු විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 41.5කින් වසර පහකදී කාලයකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය. 27 June 2023
ශාෆ්ටර් මරණයේ සියළු වාර්තා අධිකරණයට කැඳවයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව දැනට නිකුත් කිරීමට ඇති සියළුම ඩී එන් ඒ වාර්තා සහ දුරකතන දත්ත වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට අද (27) නියෝග කළේය. 27 June 2023
මුතු රාජා ගුවන් ගමනට පුහුණුවෙයි අලුත්ගම කන්දෙවිහාරයේ ‘මුතුරාජා’ හස්ථියා ලබන ජූලි මස 2 වැනිදා ගුවනින් තායිලන්තයට ගෙන යෑමට නියමිත අතර ‘මුතුරාජා’ගේ ගුවන් ගමන ලෝක ගුවන් ඉතිහාසයේ ඵෙතිහාසික අවස්ථවක් වනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. 27 June 2023
ශ්‍රී ලංකාව පිට පිටම සිවුවැනි ජයත් ලබයි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු වටයේ සිවුවැනි සහ අවසන් තරගය ලෙස බුලවායෝහිදී ස්කොට්ලන්තයට එරෙහිව අද (27) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 82 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 27 June 2023
ජනපති විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 June 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඵෙතිහාසික ජයක් ලබති සංචාරක නවසීලන්ත කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. 27 June 2023
පොහොර වංචාව ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක් පොහොර ආනයනයේදී රුපියල් කෝටි 320 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් මෙම සිද්ධි වලට වගකිව යුතු අය කෝප් කමිටුවේ සිටියදී ඒ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 27 June 2023
කොළඹදී දුම්රියක් පීලි පනී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් කොස්ගම බලා ධාවනය ආරම්භ කළ දුම්රියක් බේස්ලයින් පාර සහ කෝට්ටේ පාර දුම්රිය ස්ථාන අතර පිහිටි සර්පන්ටයින් දුම්රිය හරස් මාර්ගයේදී අද (27) පස්වරුවේ පිලී පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 June 2023
අස්වැසුම අවසන් ලේඛනය අභියාචනාවලින් පසුවයි අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු දෙනාම ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී අද(27)පැවසීය. 27 June 2023
පියත් නිකේෂලට ඇප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී අරගලකරුවන් ඒ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තා රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය. 27 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026