(ගයාන් සූරියආරච්චි)
මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේදී ත්‍රිරෝද රියකින් පැමිණි දෙදෙනකු ඊයේ රාත්‍රි සිදු කළ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මීජයසෙවන පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් මෙසේ මියගොස් ඇත්තේ සෙන්දිල් ශන්මුගම් දුෂ්‍යන්තන් නොහොත් බඩා රංජි නැමැති 40 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
පාතාල කල්ලි දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
මියගිය පුද්ගලයා දැනට ඉන්දියාවට පලාගොස් සිටින පූවුඩි කන්නා නැමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකු බවත් කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට මියගිය පුද්ගලයා සම්බන්ධ පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ මීජයසෙවන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස මල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතාල ආරෝවකින් අයෙක් මරුට