(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ පෙබරවාරි මස 7 වැනිදාය.
මේ මස පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වන්නේ ලබන 23 සහ 24 යන දිනවලය.
පාර්ලිමේන්තුව එම දින දෙකේදී පමණක් රැස්වන්නේ ලබන 25 පොහොය යෙදී ඇති නිසා යැයි පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසිවී යන්නේය. ඒ අනුව එම කාරක සභා සියල්ල නැවත පිහිට විය යුතු වෙයි.
වාර අවසාන කිරීමත් සමඟ අහෝසිවී නොයන්නේ උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා පමණි.
පාර්ලිමේන්තුව අවසාන වරට වාර අවසාන කෙරුණේ පසුගිය වසරේ ජනවාරි මස 27 වැනිදාය. එසේ වාර අවසාන කෙරුණේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයට ජාතිය අමතන්න කරන බොරු නාස්තිකාර වියදමක්!