(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ පෙබරවාරි මස 7 වැනිදාය.
මේ මස පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වන්නේ ලබන 23 සහ 24 යන දිනවලය.
පාර්ලිමේන්තුව එම දින දෙකේදී පමණක් රැස්වන්නේ ලබන 25 පොහොය යෙදී ඇති නිසා යැයි පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසිවී යන්නේය. ඒ අනුව එම කාරක සභා සියල්ල නැවත පිහිට විය යුතු වෙයි.
වාර අවසාන කිරීමත් සමඟ අහෝසිවී නොයන්නේ උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා පමණි.
පාර්ලිමේන්තුව අවසාන වරට වාර අවසාන කෙරුණේ පසුගිය වසරේ ජනවාරි මස 27 වැනිදාය. එසේ වාර අවසාන කෙරුණේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුවේ වාර අවසානය ලබන 24
ජනා Tuesday, 16 January 2024 12:38 AM
අරයට ජාතිය අමතන්න කරන බොරු නාස්තිකාර වියදමක්!