IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිරගෙවල් උතුරයි

(සුජිත් හේවාජුලිගේ )

බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ නැග ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ.

රඳවියන් නඩත්තු  කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක්  වැය වන බවද එම වාර්තාවේ සඳහන් වේ.

සමස්ත රැඳවියන්ගෙන් සියයට පනස් තුනක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බව වාර්තාව සඳහන් කරයි.

බන්ධනාගාර 27ක වැසිකිළි 187 ක  හිඟයක් පවතින අතර දැනට ඇති   වැසිකිළිවලින් 287 ක් අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතින බව විගණන වාර්තාවේ දැක්වේ.

බන්ධනාගාර ගත කෙරෙන  රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද  ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්  රැඳවියන් 1795 දෙනකු බන්ධනාගාර ගතව සිටින බව එහි සඳහන් වේ.

බන්ධනාගාර ආයතන දෙකක පසුගියදා 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ඇති වූ කැරලි හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් විනාශවී ඇති බව වාර්තාවේ  දැක්වේ



අදහස් (6)

හිරගෙවල් උතුරයි

සිල්වා Monday, 15 January 2024 07:13 PM

ඇප මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සිර ගතව සිටින අය සදහා අරමුදලක් පිහිටුවා ඔවුන් මුදවා හැරීම සඳහා එම අරමුදල යොදා ගත හැකි ක්‍රමයක් හදුන්වා දෙන්න. මෙම අරමුදල සදහා ඕනෑම කෙනෙකුට දායක විය හැකිය.

:       0       0

නිහාල් Monday, 15 January 2024 09:02 PM

මුන් එළියේ හිටියත් මිනිස්සුන්ට කරදරේ. ඇතුලට දැම්මත් මිනිස්සුන්ගේ සල්ලි වලින් කන්න දෙන්න ඕන

:       0       0

Modaya Tuesday, 16 January 2024 08:29 AM

ලංකාවේ වැසිකිළි වගේ තමයි...

:       0       0

Perera Tuesday, 16 January 2024 08:29 AM

හිරගෙවල්වල මේ අයට කන්න බොන්න දිදී තියාගෙන ඉන්නේ නැතිව ආයුධ පෙන්නන්න එක්ක ගිහින් වැඩ ඉවරයක් කරලා දාන්නකෝ...

:       0       0

පාඨකයෙක් Tuesday, 16 January 2024 09:22 AM

අපේ වැඩිහිටියෝ කියන විදිහටනම්, සුදු පාලකයන්ගේ කාලයේ හිරකරුවන්ට කෑමට දීලා තියෙන්නේ ලුණුයි, බතුයි. ආයෙමත් ඒ ක්‍රමය ක්‍රියාත්මක කළොත්, හිරගෙවල්වල තදබදය සෑහෙන්න අඩු කරගන්න හැකිවේවි.

:       0       4

Kazi Shajahan Tuesday, 16 January 2024 11:57 AM

රටක දියුණුවේ ලක්ෂණයක්. රනිල් බලංගොඩ ඔයා ආවා විතරයි හිර ගෙවල් ඔක්කොම ඉඩ නැහැ .නමුත් පාසල් වල ළමයි නැහැ .මොකද උදේ කාලා යන්න විදිහක් නැහැ .ඒ වගේම පොත් පත් .ඇඳුම් සපත්තු ගන්න සල්ලි නැහැ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site