(සුජිත් හේවාජුලිගේ )
බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ නැග ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ.
රඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය වන බවද එම වාර්තාවේ සඳහන් වේ.
සමස්ත රැඳවියන්ගෙන් සියයට පනස් තුනක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බව වාර්තාව සඳහන් කරයි.
බන්ධනාගාර 27ක වැසිකිළි 187 ක හිඟයක් පවතින අතර දැනට ඇති වැසිකිළිවලින් 287 ක් අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතින බව විගණන වාර්තාවේ දැක්වේ.
බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රැඳවියන් 1795 දෙනකු බන්ධනාගාර ගතව සිටින බව එහි සඳහන් වේ.
බන්ධනාගාර ආයතන දෙකක පසුගියදා 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ඇති වූ කැරලි හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් විනාශවී ඇති බව වාර්තාවේ දැක්වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සිර ගතව සිටින අය සදහා අරමුදලක් පිහිටුවා ඔවුන් මුදවා හැරීම සඳහා එම අරමුදල යොදා ගත හැකි ක්‍රමයක් හදුන්වා දෙන්න. මෙම අරමුදල සදහා ඕනෑම කෙනෙකුට දායක විය හැකිය.
මුන් එළියේ හිටියත් මිනිස්සුන්ට කරදරේ. ඇතුලට දැම්මත් මිනිස්සුන්ගේ සල්ලි වලින් කන්න දෙන්න ඕන
ලංකාවේ වැසිකිළි වගේ තමයි...
හිරගෙවල්වල මේ අයට කන්න බොන්න දිදී තියාගෙන ඉන්නේ නැතිව ආයුධ පෙන්නන්න එක්ක ගිහින් වැඩ ඉවරයක් කරලා දාන්නකෝ...
අපේ වැඩිහිටියෝ කියන විදිහටනම්, සුදු පාලකයන්ගේ කාලයේ හිරකරුවන්ට කෑමට දීලා තියෙන්නේ ලුණුයි, බතුයි. ආයෙමත් ඒ ක්‍රමය ක්‍රියාත්මක කළොත්, හිරගෙවල්වල තදබදය සෑහෙන්න අඩු කරගන්න හැකිවේවි.
රටක දියුණුවේ ලක්ෂණයක්. රනිල් බලංගොඩ ඔයා ආවා විතරයි හිර ගෙවල් ඔක්කොම ඉඩ නැහැ .නමුත් පාසල් වල ළමයි නැහැ .මොකද උදේ කාලා යන්න විදිහක් නැහැ .ඒ වගේම පොත් පත් .ඇඳුම් සපත්තු ගන්න සල්ලි නැහැ