(සමන් පාලිත නානායක්කාර)
ලුණුගල විස්ස කණුව අසලින් අද (16) විශාල පස් කන්දක් කඩා වැටී අවහිර වී තිබූ බදුල්ල මඩකලපුව ඒ 5 චෙංකලඩි මාර්ගය පැයකට වඩා අඩු කාලයකින් යන්ත්‍රානුසාරයෙන් පස් ඉවත්කර පිළිසකර කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
විදේශීය සංචාරකයින් මෙන්ම දීර්ඝ නිවාඩුවත් සමග පිට පළාත්වලින් පැමිණෙන දේශීය සංචාරකයින් ද මේ දිනවල වැඩි වශයෙන් මෙම මාර්ග භාවිතා කිරීමට පෙළඹීම නිසා මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය කටයුතු යෙදූ බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර කොළඹ බදුල්ල මාර්ගයේ බණ්ඩාරවල බදුල්ල අතර උඩුවර හතේකනුව ප්‍රදේශයේ දී ඉකුත් නවය දින නාය ගිය ස්ථානයේ මේ වන විට පස් ඉවත් කර ඇති බැවින් අද දවස තුළ එම ස්ථානයේ අදාල සියලු අංශවල සහභාගිත්වෙයන් ස්ථානීය පරීක්ෂණයක් කර මාර්ගය විවෘත කිරීමේ හැකියාව තීරණය කරන බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල ඒ් 5 පාර යථා තත්ත්වයට