IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමැති මැදිහත් වී ඇරැඹූ මාතර - කොළඹ සැප බස් නතර වෙලා

 

(යොහාන් භාසුර)

කොළඹ - මාතර දක්වා පැය දෙකකින් ලගාවිය හැකි පරිදි ආරම්භ කළ අධිසුඛෝපභෝගී අධිවේගී පුද්ගලික බස් රථ සේවය අත්හිටුවා ඇතැයි ජනතාව චෝදනා කරති.

ප්‍රවාහන ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් ආරම්භ කළ මෙම සේවය අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතරතුර කිසියම් පාර්ශවයක උවමනාවක් මත එය නවතා ඇති බවත් කොළඹ සිට මාතර දක්වා අධිවේගී බස් ධාවනය කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පලෙන් ගමන් අරඹා බොරැල්ල බත්තරමුල්ල, පන්නිපිටිය, කොට්ටාව ඔස්සේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයටත් ඒ ඔස්සේ මාතර දක්වාත් ධාවනය වූයේ පැය තුනහමාරකින් බවත් මගීහු පවසති.

බස් රථ තුනක් නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනය ආරම්භ කළ මෙම බස්රථ සේවයෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල කාර්ය මණ්ඩල මෙන්ම බොහෝ කාර්යාල මගීන් ප්‍රවාහන පහසුකම් ගත්හ.

 



අදහස් (3)

ඇමැති මැදිහත් වී ඇරැඹූ මාතර - කොළඹ සැප බස් නතර වෙලා

Perera Tuesday, 16 January 2024 04:47 AM

කවුද ඔය "කිසියම් පාර්ශවය " කියන්නේ ?

:       0       0

Rajun de Silva Tuesday, 16 January 2024 05:18 AM

මේ තරම් දෙයක්වත් කරගන්න බැරි ආණ්ඩුවනෙ මේ පුරසාරම් දොඩවන්නෙ.

:       0       0

sachith Tuesday, 16 January 2024 07:41 AM

ඔන්න ඕක තමයි මේ රට දියුණු කරන්න බැරි... මිනිස්සුන්ට සේවයක් වෙන දේවල් වලට වැඩිය දේශපාලකයින් බලන්නේ ව්‍යාපාරිකයින්ට වාසිවෙන දේවල් කරන්න. දුම්රිය සේවය කඩාකප්පල් කරන්නෙත් මේවගේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවලට...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site