
(සුමිත් පොතුපිටිය)
පානදුර මුහුදේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණයන් දෙදෙනකු රළ පහරට හසුව දියඹ දෙසට ගසාගෙන යද්දී ඔවුන් සිවු දෙනා බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීහු සමත් වූහ.
ගෝනපල , ඔලබොඩුව සහ කලවාන ප්‍රදේශයේ පදිංචි 19 සහ 25 වියැති තරුණියන් දෙදෙනකු සහ 23 සහ 17 වියැති තරුණයන් දෙදෙනෙකු ගේ ජීවිත මෙලෙස බේරාගත් බව පොලිසිය සදහන් කරයි.
බේරාගෙන ඇති අයවලුන් අතර 25 වියැති කාන්තාවක, ඇයගේ මල්ලී , මල්ලි ගේ පෙම්වතිය සහ මිතුරකුද වන බව පොලිසිය කීය.
සිව්දෙනා මුහුදේ දියනාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර , වෙරලේ නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිළධාරීන් මුහුදට පැන රෙස්කියු ටියුබ් ආධාරයෙන් සිව්දෙනා ගොඩගෙන ප්‍රථමාධාර ලබාදී පිටත්කර යැවූ බව ජීවිත ආරක්ෂක ඒකකය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම්වතායි, පෙම්වතියයි හොඳට හොයාගන්න පුළුවන් රුපියල බාල්දු වුණාම...