IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

(සමන් පාලිත නානායක්කාර)

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර අද (15) තෛයිපොන්ගල්දා පස්වරු තුනට පමණ දුම්රියක් පීලි පැමිණීමට  ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 

 බදුල්ල සිට නුවර බලා  පැමිණි විශේෂ දුම්රියක් මෙසේ පිළිපැනීමට ලක්වී තිබේ.  දුම්රියේ පිටුපස  එක් පෙට්ටියක් මෙසේ පීරි පෙනීමට ලක්වී තිබේ.

බදුල්ල සිට ධාවනය වීමට නියමිත දුම්රියන් දෙකක් මේ වන විට පැමිණීමට නියමිත අතර  ඉන්  එක් දුම්රියක් නැවත හරවා බදුල්ල බලාධාවනය වීමට සැලසුම් කර ඇති බවත් බදුල්ල සිට නුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය තරමක් ප්‍රමාද වී ධාවනය විය හැකි බවත් දුම්රිය  දෙපාර්තමේන්තුව පැවසීය. 

මේ අතර කොළඹ සිට බදුල්ල බලා දාවනය වන දුම්රියන් දෙකක් තලවකැලේ සහ හැටන් වලින් ආපසු හරවා කොළඹට ධාවනය  වීමට නියමිත බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

මේ අනුව දුම්රිය මගීන්ගේ ප්‍රවාහන අපහසුතාවය මගහැරවීම සඳහා බස් රථ යොදවා එම දුම්රිය මගීන් හැටන් නානුඔය අතර බස් රථ මගින් ප්‍රවාහනය කිරීමට සැලසුම්කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

 පිළිපැන ඇති දුම්රිය පෙට්ටිය   ඉවත් කිරීමේ කටයුතු  ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site