(ගයාන් සූරියආරච්චි)
මෙවර පැවැති උසස් පෙළ විභාගයට අදාල කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකවරයක් අද (15) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව ප්‍රදේශයේ පාසලක කාර්යාල කාර්ය සහායකවරයකු ලෙස සේවය කළ අවුරුදු 38 ක පුද්ගලයකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කෘෂි කර්ම ප්‍රශ්න පත්‍ර සිසුවකුට මුදලට විකුණා ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කීය.
මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක විභාගය පැවැත්වෙන අවස්ථාවලදී සැකකරු ශාලාධිපතිවරයාට සහාය දෙමින් විභාග කටයුතුවලට සහාය ලබාදී ඇති අතර එහිදී සැකකරු එහි සිටින නිලධාරීන්ට හසු නොවන ආකාරයට ඉතා සූක්ෂමව කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහු විසින් තනිව මෙම පත්‍ර සොරකම් කිරීම සිදුකළාද නැතිනම් තවත් කවුරුහෝ ඔහුට සහාය වූයේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ කෘෂි ප්‍රශ්න පත්‍රය පැන්නුවයි කා.කා.ස අත්අඩංගුවට
Lalla Monday, 15 January 2024 07:33 PM
දියයුතු එකම දඬුවම මරණීය දණ්ඩනය.... දරුවන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරන කාලකන්නි...
චන්දන Monday, 15 January 2024 10:28 PM
කුඩු අල්ලනව වගේ මේක කරන්න එපා. මේකෙ මහ මොළකරු ඉක්මනින් සොයා අල්ලන්න. මේ කියන කාකාස ට ප්‍රශ්න පත්‍රය ලැබෛන්න ඕන ඒකට නියමිත දිනයේ දී. නමුත් ඊට කලින් පිටවූ යේ නම් මුල මෙතන නොවෙයි.