IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුහුණු කුමාරිය තීරණය වෙනස් කරයි

(සුජිත් හේවාජුලිගේ )

රුහුණු කුමාරි දුම්රිය  බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  මහතා තීරණය කර ඇත.

මේ අනුව එම දුම්රිය පෙර පරිදි  හෙට (16) සිට ධාවනය කෙරෙන්නේ මාතර සිට මරදාන දක්වා පමණි.

සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය මෙම දුම්රිය මාතර සිට ධාවනය කරන්නැයි   දිගින් දිගටම  ඉල්ලීම් කළාය.

රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට මාතර ජනතාව පසුගිය දිනවල දැඩි ලෙස විරෝධය පළ  කරමින් එම දුම්රියේ ගමන් කිරීමද වර්ජනය කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ රුහුණු කුමාරි දුම්රිය අද සිට මාතරින් ධාවනය කරන බව අමාත්‍යවරයා දැනුම් දුන් බවයි.



අදහස් (10)

රුහුණු කුමාරිය තීරණය වෙනස් කරයි

Gemunu Monday, 15 January 2024 08:49 PM

හොඳ තීරණයක් නොවේ

:       0       1

C.K.Lankaputhra Monday, 15 January 2024 09:18 PM

මේ අම්මන්ඩිට ද ඕන වෙලා තිබුනේ ඕක බෙලිඅත්තටම දික්කරගන්ඩ ?ඇල්ලීම කොච්චර දිගයි ද කියල හිතාගන්ඩ පුලුවන්.

:       0       0

සුපුන් චාමර Monday, 15 January 2024 09:41 PM

ලංකාව තරම් ආතල් රටක් වෙන නෑ. දුම්රියක දුරින් පටන් ගන්නවට ඊට මෙහා උන් කැමති නෑ. උන්ට හිටගෙන යන්න වෙන නිසා. උන්ට ඉදගෙන යන්න බෙලිඅත්තෙ මිනිස්සු පාන්දර බස් එකක මාතරට එන්න ඕන. ඒ අස්සෙ කොහෙවත් නැති ගංජා මැඩම් කෝච්චි ප්‍රශ්නවලටත් අත දානව. වරජනය කරපු උන් ඔක්කොටම හපන් . උන් ඒක වර්ජනය කරල බස් එකේ වැඩට ගිහින්. කෝච්චියට රිදෙන්න ඇති අම්බානෙට

:       0       2

චන්දන Monday, 15 January 2024 10:24 PM

මෙතන ගැටළුව බෙලිඅත්ත දක්වා යන එක නෙවෙයි. ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම. සෑම දුම්රියකම පෙට්ටි ගණන වැඩි කරන්න. ඒක අත්‍යවශ්‍යයි.

:       1       46

SachithTuesday, 16 January 2024 07:43 AM

ඕක අපේ රේල්ලුවේ මහත්වරුන්ට කිව්වාම කියන කතා තමයි ලස්සන... සමහරවිට 1815 උඩරට ගිවිසුමේ තිබ්බ වගන්තිය උල්ලංඝනය වන නිසා වැඩිපුර පෙට්ටි එකතු කරන්න බෑ කියයි...

:       0       2

ravinTuesday, 16 January 2024 10:06 AM

අපොයි මේක තමා රටේ හැමදේටම වෙන්නේ .පටු දේශපාලන තීන්දු තීරණ ප්‍රයෝගික නැති බව .ගමනාන්තය දිගු කලාම වැඩිපුර මගීන් ගානක් එම සේවය භාවිතා කරන වග තේරුම් නොගැනීම .තව තව ලිවිය හැකියි .ඒ උනත් ඉතිරි කොටස, කියවන ඔබට .......

:       0       3

Nimal Tuesday, 16 January 2024 07:05 AM

ගෝඨාභයගේ කාලයේ තිබුණු රිවස් කෙරිල්ල පටන් අරන් වගේ...

:       0       0

Kazi Shajahan Tuesday, 16 January 2024 08:55 AM

බන්දුල බයවෙලා ඩයනාගේ කටට... ඩයනා කියපු දෙයක් කළේ නැතිනම් බන්දුල හොඳට දන්නවා වෙනදේ පාර්ලිමේන්තු ලොබියේදී...

:       0       2

upul Tuesday, 16 January 2024 12:30 PM

මම නම් දන්න තරමින් ඩයනා කරපු කෙහෙල් මලක් නෑ. මේක වෙනස් කරන්න කතා කළේ වීරසුමණ විරසිංහ මන්ත්‍රීවරයා සහ උපුල් නිශාන්ත මාතර හිටපු නගරාධිපතිතුමා

:       0       2

උපාලි Tuesday, 16 January 2024 01:57 PM

බෙලි කුමාරි කියල එකක් බෙලිඅත්තෙ න් දාමු

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site