(සුජිත් හේවාජුලිගේ )
රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇත.
මේ අනුව එම දුම්රිය පෙර පරිදි හෙට (16) සිට ධාවනය කෙරෙන්නේ මාතර සිට මරදාන දක්වා පමණි.
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය මෙම දුම්රිය මාතර සිට ධාවනය කරන්නැයි දිගින් දිගටම ඉල්ලීම් කළාය.
රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට මාතර ජනතාව පසුගිය දිනවල දැඩි ලෙස විරෝධය පළ කරමින් එම දුම්රියේ ගමන් කිරීමද වර්ජනය කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ රුහුණු කුමාරි දුම්රිය අද සිට මාතරින් ධාවනය කරන බව අමාත්‍යවරයා දැනුම් දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක් නොවේ
මේ අම්මන්ඩිට ද ඕන වෙලා තිබුනේ ඕක බෙලිඅත්තටම දික්කරගන්ඩ ?ඇල්ලීම කොච්චර දිගයි ද කියල හිතාගන්ඩ පුලුවන්.
ලංකාව තරම් ආතල් රටක් වෙන නෑ. දුම්රියක දුරින් පටන් ගන්නවට ඊට මෙහා උන් කැමති නෑ. උන්ට හිටගෙන යන්න වෙන නිසා. උන්ට ඉදගෙන යන්න බෙලිඅත්තෙ මිනිස්සු පාන්දර බස් එකක මාතරට එන්න ඕන. ඒ අස්සෙ කොහෙවත් නැති ගංජා මැඩම් කෝච්චි ප්‍රශ්නවලටත් අත දානව. වරජනය කරපු උන් ඔක්කොටම හපන් . උන් ඒක වර්ජනය කරල බස් එකේ වැඩට ගිහින්. කෝච්චියට රිදෙන්න ඇති අම්බානෙට
මෙතන ගැටළුව බෙලිඅත්ත දක්වා යන එක නෙවෙයි. ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම. සෑම දුම්රියකම පෙට්ටි ගණන වැඩි කරන්න. ඒක අත්‍යවශ්‍යයි.
ගෝඨාභයගේ කාලයේ තිබුණු රිවස් කෙරිල්ල පටන් අරන් වගේ...
බන්දුල බයවෙලා ඩයනාගේ කටට... ඩයනා කියපු දෙයක් කළේ නැතිනම් බන්දුල හොඳට දන්නවා වෙනදේ පාර්ලිමේන්තු ලොබියේදී...
මම නම් දන්න තරමින් ඩයනා කරපු කෙහෙල් මලක් නෑ. මේක වෙනස් කරන්න කතා කළේ වීරසුමණ විරසිංහ මන්ත්‍රීවරයා සහ උපුල් නිශාන්ත මාතර හිටපු නගරාධිපතිතුමා
බෙලි කුමාරි කියල එකක් බෙලිඅත්තෙ න් දාමු