ගුරුන්ට ටියුෂන් තහංචියක් ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 26 June 2023
ජනපති නිවෙසට ගිනි තැබුවාට සමාජ ක්‍රියාකරුවකු අල්ලයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේකොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තෙක් අද (26) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 26 June 2023
හිසේ කැක්කුමෙන් සිටි සිසුවාට චිත්‍ර ගුරුගෙන් පහර හිසේ කැක්කුම බව කියමින් මේසයේ හිස තබාගන නිදා සිටි, වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දහතුන් හැවිරිදි සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා, හිසට හා කන් දෙකට ගැසූ බව කියන එම පාසලේ චිත්‍ර ගුරුවරයකුට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත 26 June 2023
ඇස්වැසුමට දිවයින පුරා විරෝධතා අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයෙන් තමන්ගේ නම් ඉවත් කර ඇති බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) දිනයේ උද්ඝෝෂණ විරෝධතා සහ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට නොසන්සුන් වාතාවරණ ඇති වී තිබිණි. 26 June 2023
කතුන් පිරිසක් සැරයන්ට තඩිබා වරෙන්තු කරු මුදා ගෙන රථවාහන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයකු බෝගම්බරදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාන්තාවක ඇතුළු 15 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් කඩා වැදී පොලිස් සැරයන්වරයාට පහරදී සැකකරු මුදාගෙන පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. 26 June 2023
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තැන්පතු වලට කිසි ප්‍රශ්නයක් නෑ දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (26)දැනුම් දුන්නේය. 26 June 2023
සියඹලා ගස මෝටර් රථ කුඩු කරයි කළුතර නගර ශාලාව පිටුපස නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් මතට අද පස්වරුවේ සියඹලා ගසක් කඩාවැටීමෙන් වාහන තුනට හානි සිදුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 26 June 2023
‘පොහොට්ටුව’ට ඕනෑම මාදිලියක ජනාධිපති අපේක්ෂකයන් ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂකයන් සිටින බවත් මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආසන්න කාලයේදී එම පක්ෂයේ අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය. 26 June 2023
ඌරුකොටුවේ බඩු සොරා ගත්තැයි සේවකයා මරා දමලා ඌරු ගොවිපළක සේවකයකු එහි දේපල සොරා ගෙන යමින් සිටියදී අල්ලාගෙන දෙපයින් එල්ලා පහරදී මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 26 June 2023
විදුලි සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි. 26 June 2023
දැරියට කැත වැඩක් කළ බාප්පා වසර 30ක් මහඋළුගෙට මරා දමන බවට තර්ජනය කොට බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය කෙලසීමේ චෝදනාවන්ට වරදකරු වු දැරියගේ භාරකරුවා වශයෙන් සිටි සුළු පියාට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා දැරියට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමටද නියම කළේය. 26 June 2023
දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ එක හමාරක අමතර ආදායමක් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. 26 June 2023
අස්වැසුම ගැන සජිත් කතා කරයි රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 26 June 2023
කෝටි 300ක ඖෂධ දෙයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ඇමෙරිකා ඩොලර් මිලියන 1.1ක) අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. 26 June 2023
විපක්ෂය චෝදනා කරන්නේ සත්‍ය වහගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාස දෙකක් ඇතුළත පෝලිම් යුගය නිමා කළේ ගෑස් ටික වත් ගෙනෙන්නට ඩොලර් මිලියනයක් නොතිබූ තිබූ රටක් බාර ගෙන බව කිසිවිටෙක අමතක කළයුතු නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 26 June 2023
ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා ඇරැඹෙයි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLFTA) පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය අද (26) කොළඹ දී ආරම්භ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 26 June 2023
ක්‍රෙඩිඩ් කාඩ් පොලිය අඩු කරයි ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට අඩුකර තිබේ. ඒ අනුව ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ. 26 June 2023
පොහොර වවුචර්වල වලංගු කාලය දිගු කරයි මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත් වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (26) තීරණය කළේය. 26 June 2023
‘අස්වැසුම’ට එරෙහිව ‘පොහොට්ටුව අවිගන්න සූදානම් සමෘද්ධි ප්‍රතිලාභය ලැබිය යුතු පවුලකට අභියාචනා කළ ද නොලැබුණ හොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ඒ සඳහා පෙනී සිටින බවත් ‘අස්වැසුම’ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සහ ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය. 26 June 2023
රත්නපුරේ අනතුරු වැලක්:12 ක් රෝහලට කොළඹ සිට රක්වාන බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී කුරුවිට පුස්සැල්ල සල්ගහයට හන්දියේදි අද (26) දහවල් සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන් කළ ගැබිනි මවක් ඇතුලු දොළොස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත්කර ඇති බව කුරුවිට පොලීසිය කියයි. 26 June 2023
ලිට්රෝ ගෑස් මිල තවත් අඩු වෙයි ලිට්රෝ ගෑස් සිලින්ඩරය මිල පිට පිටම සිවුවැනි වරටත් ලබන මස 5 වැනිදා අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පැවසීය. 26 June 2023
කටුනායක අධිවේගයේ කෝටි 29ක තඹ හොරු උස්සලා රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 June 2023
ආහාර සිරවී සිඟිත්තියක් මරුට තම සිගිති දියණියට ආහාර කවමින් සිටි 26 හැවිරිදි මවට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 26 June 2023
කොළඹ වරායෙන් කෑල්ලක් බංගලාදේශයටත් ඉන්දියාව පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව කොළඹ වරායේ නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී පැවසීය . 26 June 2023
කුවෙට් පොසොන් උත්සවයෙන් කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ වැඩසටහක් පැවැත්විණි. 26 June 2023
පොහොට්ටුව වට්ටන්න කිසි ජගතෙක් නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගම්මට්ටමින් සකස්කර ඇති යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් එය බිඳ වැට්ටවීමට කිසිවකුට හැකියාවක් නැති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 26 June 2023
රටට අහිතකර පනත් සම්මත කිරීමට ආණ්ඩුව උප්පරවැට්ටි දානවා පාර්ලිමේන්තුව ඉරිදා දිනයේ රැස්වීමේ අරමුණ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත කර ගැනීම බවත් වත්මන් ආණ්ඩුව රටට අහිතකර පනත් සම්මත කරගැනීම සඳහා නොයෙක් උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (26) පැවසීය. 26 June 2023
සොරකම් කළ ලක්ෂ20ක දුරකතන සමඟ යුවළක් අල්ලයි සිය අනියම් බිරිද හා එක්ව යතුරු පැදියකින් ගොස් දුරකතන ඇමතුම්වල යෙදෙමින් මහ මග ගමන් ගන්නා පුද්ගලයින්ගේ දුරකතන සොරාගත් පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාව ලක්ෂ විස්සක් පමණ වටිනා ස්මාර්ට් දුරකතන තිහක් සමගින් අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 26 June 2023
මොණරාගලට පොහොර නොලැබීම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට පොහොර මිල දී ගැනීමේ වවුචර්පත් නොලැබීම සම්බන්ධව වහාම වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 26 June 2023
කොටස් වෙළෙඳපොල 30 වැනිදා වහයි බැංකු නිවාඩුවක් ලෙස නිවේදනය කර ඇති ලබන 30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොල වසා තබන බව රජය පවසයි. 26 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026