IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අතවර කරන්න ඇවිත් මෝල්ගස් පහරින් අවසන් ගමනේ

 

(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)

තංගල්ල  මොටකැටිආර අළුත්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි අයකුට නිවසේ කාන්තාව  එල්ල කළ මෝල්ගස් පහරකින්  නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

පහර කෑමෙන් මිය ගිය පුද්ගලයා කාන්තාවට අතවර කිරීම සදහා නිවසට කඩා වැදුනු අවස්ථාවේ කාන්තාව ගේ මෝල් ගස් පහරට ලක්ව ඇති බවට කාන්තාව විසින් පොලීසියට පවසා ඇති බවට පොලිස් තොරතුරු වලින් පැවසේ .

සිද්ධිය වෙන අවස්ථාවේ කාන්තාවගේ සැමියාද නිවසේ සිටි බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

පහර කෑමට ලක්ව මිය ගොස් ඇත්තේ අළුත්ගොඩ පදිංචි වයස අවුරුදු 31 හැවිරිදි අයකු බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් බවට සැක කෙරෙන කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබයි.

 



අදහස් (8)

අතවර කරන්න ඇවිත් මෝල්ගස් පහරින් අවසන් ගමනේ

මොට්ටපාල Sunday, 14 January 2024 08:32 AM

තමන්ගේ ගෙදරට ඇවිල්ලා තමාව දූෂණය කරන්න හදනකොට ගෙදරදීම පහර දීලා තියෙන්නේ තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා කියලා පැහැදිලියි... එහෙම තියෙද්දී එම කාන්තාව අත්අඩංගුවට ගැනීම කෙසේවත් සාධාරණයි කියන්න බැහැ.. මෙහෙම වුණාම හොරුන්ට ස්ත්‍රී දූෂකයින්ට මංකොල්ලකෑම් කරන අයට සහනයක් ලැබෙනවා...!

:       7       31

Bamunuarachchi Monday, 15 January 2024 06:09 PM

මොට්ටපාල නමට හරියන අදහසක් කියලා තිබෙන්නේ... පොලිසියද තීරණය කරන්නේ මේක ආත්මාරක්ෂාවට කරපු මිනිස්ඝාතනයක් එනිසා ඔබ වරදක් කර නැහැ ගෙදර යන්න කියලා? පොලිසිය ඉදිරියේ තිබෙන්නේ මිනීමරුමක්. එය සිදුකළ කෙනා අත්අඩංගුවට ගන්නවා. සිද්ද වූ දෙය උසාවීයේදී කියලා බේරෙන්න පුළුවන් වෙයි. ඇසින් දුටු සාක්ෂිවලට ඉන්නේ දරුවන්...

:       0       0

රිතික් Sunday, 14 January 2024 10:30 AM

මෝල් ගස් පහර කාලා...

:       3       10

Mia Sunday, 14 January 2024 01:14 PM

අන්තිමට කාන්තාව වැරැදිකාරයා වෙයි.

:       4       16

Hafeel Sunday, 14 January 2024 02:36 PM

මෙම සිද්ධිය වෙන අවස්ථාවේ කාන්තාවගේ සැමියාද නිවසේ සිටි බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ නම්, පරීක්ෂණ අවසන් වනතුරු ඉන්න වෙනවා. සත්‍ය කුමක්ද කියලා...!

:       0       16

saman Sunday, 14 January 2024 03:00 PM

ආත්මාරක්ෂාවටම ඒක වුණාද කියලා තහවුරු කරන කන් නිර්දෝශී වෙන්න බැහැ...

:       0       15

Samarakoon Sunday, 14 January 2024 04:21 PM

සමන් ඔයා අඩුම තරමින් ළදරු පාසලකටවත් ගිහිල්ලා නැද්ද? නැත්නම් තමන්ගේ ගෙදරට ඇවිල්ලා කරදර කරද්දී බලාගෙන ඉන්නේ කවුද? මේ වාර්තාව අනුව සිද්ධිය වෙලා තියෙන්නේ එම කාන්තාවගේ ගෙදරදී කියලා පේනවා..!

:       3       7

Bamunuarachchi Monday, 15 January 2024 03:48 AM

වෙනස් කතාවක් TV නාලිකාවේ විකාෂණය උනේ. අපට ගන්න තිබෙන්නේ මොල් ගහෙන් ගහල කෙනෙක් මැරිලා කියන එක විතරයි. නාලිකාවේ ගිය ප්‍රවුර්තිය හරී කියලා හිතෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site