ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙයි.
අයෝවා ජනපය දේශපාලන බලමණ්ඩලයේ එසේ පැවැති ඡන්ද විමසුමින්, සෙසු රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අභිබවා ජයග්‍රහණය කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට හැකි විය.
අයෝවා ජනපද දේශපාලන බලමණ්ඩලයේ ඡන්දය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වීමත් සමඟ, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී යළි ජනාධිපති ධුරය වෙනුවෙන් සටන් වදින ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට විශාල අභියෝගයක් වේවි යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
අයෝවා ඡන්දයට ට්‍රම් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමට උත්සාහ කළ අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් විය. ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. දෙවැනි ස්ථානයට පත් වූයේ රොන් ඩෙසැන්ටිස් ය. ඔහු ට හිමි වූයේ සියයට 21.3 ක ඡන්ද ප්‍රතිශතයකි. නිකී හේලි ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 19 ක ඡන්ද ප්‍රතිශතයකි.
(ඒ.එෆ්.පී.)
ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම
බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අ
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහන ඉ
තථාගත ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට
fairoos Tuesday, 16 January 2024 01:55 PM
ශා නියමයි නේ .එහෙනම් අපේ හිටන්ටත් පුළුවන් වෙයි
Bamunuarachchi Wednesday, 17 January 2024 06:33 AM
එන්න මහත්තයෝ වචනෙන් හරි අපේ මොරාල් සපෝට් එක දෙනවා.