IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දරුවකුගේ ඇඟිල්ල වෙන් කළ අයෙකු රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

බාලවයස්කාර දරුවකුගේ ඇඟිල්ලක් වෙන් වන අන්දමට කඩුවෙන් කොටා දින 11 තිස්සේ සැඟවී සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා අද (15) නියම කළේය.

ඇඟිල්ල වෙන් වන අන්දමට දරුවාට කෙටු කඩුව සොයා ගැනීම සඳහා විමර්ශන කරන බව දැනුම් දෙමින් රාගම පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු මෙලෙස රිමාන්ඩ් බාරයෙය් රඳවා තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රාගම පොඩි වී කුඔුර ප්‍රදේශයේ පදිංචි ඇතීගේ දිලරුක් ප්‍රශශාන්ත සිල්වා නමැති තිදරු පියෙකි.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රාගම පොලිසියේ නිලධාරීන් පසුගිය ජනවාරී මස 04 වැනිදා දෙපාර්ශවය අතර ඇති වු ආරඅවුලක් හේතූවෙන් සැකකරු ඔහුගේ අසල්වැසි නිවසක පදිංචිව සිටි 14 හැවරිදි බාලවයස්කාර දරුවකුට කඩුවෙන් කොටා ඇතැයිද ඉන් ඔහුගේ වම් අතේ ඇඟිල්ලක් සම්පුර්ණයෙන්ම වෙන් වී ඇතැයිද පසුව දරුවා ජාතික රෝහලට ඇතුලත් කර ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබා දී ඇතැයිද දැනුම් දුන්නේය.

දරුවා රෝහලෙන් මුදාහළ පසුගිය 13 වැනිදා තෙක් පොලිසියට ඉදිරිපත් නොවු සැකකරු දරුවා රෝහලෙන් මුදාහළ පසු පොලිසියට පැමිණී අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් නිලධාරීහු දරුවාට කෙටු කඩුව සොයා ගැනීම සඳහා විමර්ශන කරන බවද දැනුම් දුන්හ.

වින්දිත බාලවයස්කාර දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශ්‍රමින්ද්‍ර සොයිසා මහතා මීට පෙර දිනයක මෝෂමක් මාර්යෙන් කරුණු දක්වමින් පොලිසියේම ඉහළ නිලධාරියකුගෙන් විමර්ශන නිලධාරීන්ට එල්ල වී ඇති බලපෑම් හේතූවෙන් මීට පෙර අවස්ථාවක අත්අඩංගුවට ගත් මෙම සැකකරු මුදා හැරීමට පොලිසිය කටයුතු කළේ යැයි පැවසීය.

මේ වන විට ඇඟිල්ලක්ද අහිමි වී සිටින මෙම දරුවා කුඩු නඩුවකට පටලවා සිරගත කිරමේ සුදානමක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබි ඇතැයි දැනුම් දුන් නීතීඥ ශ්‍රමින්ද්‍ර සොයිසා මහතා වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලීමක්ද කළේය.

සිය`ථ කරුණු සළකා බැලලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණීල්ල කැඳවන ලබන 19 වැනිදා සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.



අදහස් (1)

දරුවකුගේ ඇඟිල්ල වෙන් කළ අයෙකු රිමාන්ඩ්

fairoos Monday, 15 January 2024 05:36 PM

ලංකාවේ පොලිසියනේ... සල්ලි දුන්නොත් කේස් කණපිට පෙරළෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site