IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුක්තිය මෙහෙයුමට අපරාධ අංශ බහී

 

(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)

යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව  සියළුම පොලිස් ස්ථාන හෙට (14)  සම්බන්ධ විය යුතු බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොට්ඨාශ භාර සියළුම  නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරු සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් දුන්නේය.

විවෘත වරෙන්තු 35505 ක්, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත් අඩංගුවට නොගත් සැකකරුවන් 4258 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 2022 වර්ෂයේ 807 දෙනෙකු සහ 2023 වර්ෂයේ 1678 දෙනෙකු වශයෙන් සැකකරුවන් 2485 ක් දෙනෙකු ලෙස මුළු සැකකරුවන් 42248 දෙනෙකු පිළිබද ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරු වෙත යොමු කළ බවද ආරක්ෂක අමාත්‍යාංශය කීය.

යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුල පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර ඉහත ලැයිස්තු 3 ට අදාල සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පැය 24 පුරාම සියළුම අපරාධ අංශ නිලධාරීන් යෙදවිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කළේය‍ෙ

 



අදහස් (8)

යුක්තිය මෙහෙයුමට අපරාධ අංශ බහී

pakeer Saturday, 13 January 2024 08:52 PM

මොන දේ උනත් මේක වෙන්න ඕනේ වැඩක් .මේ වෙලාවේ මේක කරන එක පිස්සුවක් වග පෙනුනට .මේක වෙන්න ඕනේ වැඩක් .කවදා හරි

:       0       3

නිහාල් Saturday, 13 January 2024 08:55 PM

ඒ අයගේ නම් ගම් දුන්නා නම් ලේසියි පැනගන්න.

:       0       3

Sachith Saturday, 13 January 2024 09:34 PM

" විශේෂ උපදෙස් පන්තියක් පවත්වා උපදෙස් දුන්නේය" , සිද්දාලේප කුප්පියක් ගිය උඩක්

:       0       1

Jagath Saturday, 13 January 2024 09:53 PM

යුක්තිය මෙහෙයුමෙන් කරන්නේ අනෙකුත් කුඩු මුදලාලිලාගේ කුඩු අල්ලා හිඟයක් මවලා දේශබන්දු ගේ සහ ටිරාන් අලස්ගේ කුඩු මුදලාලිලාට බිස්නස් සරු කරලා දෙන එකයි. ගල්කිස්සෙන් එනකොට කුඩු අන්ජු කෝටි ගණක කාර් එකක් දුන්න DIG රොහාන් ප්‍රේමරත්න නමැති වනචර දූෂිත නොසන්ඩාල යාට CID එක ඊයේ ඉඳලා භාරදුන්න එකෙන් ඒක ඔප්පු වුනා. දේශබන්දු ලා ටිරාන්ලා ජනමතයකින් පත්වෙච්ච එවුන් නෙමෙයි. අද පොලිස් දෙපාර්තුමේන්තුව ත්‍රස්ත සංවිධානයක් වෙලා.

:       0       2

Bamunuarachchi Sunday, 14 January 2024 03:30 AM

කවුරු බැහැලා හරි කමක්නැහැ... පාතාලයින්, කුඩුකාරයින් මේරටින් අතුගා දමන්න. ඔවුන් රටේ ජනගහනයෙන් අඩු කරන්න. අපේ කිසිම විරුද්ධත්වයක් නැත.

:       0       4

Kazi Shajahan Sunday, 14 January 2024 02:02 PM

කෝ තාම තෝරු මෝරු ඇල්ලුවේ නැහැනේ... අපිට දේශබන්දු ශුවර් නැහැ. එයාම කියයිද දන්නේ නැහැ... තෝරු මෝරුන්ට හැංගෙන්න කියලා...

:       0       3

Chamila Fernando Sunday, 14 January 2024 02:28 PM

ඔය මෙහෙයුමට සාපේක්ෂව උසාවි මෙහෙයුම්, සිර ගෙවල්, සූදානම්ද? එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න අයට මොකක්ද කරන්න බලාපොරොත්තුව? තාම මේවා මෙහෙයවන කෙනෙක් ඇල්ලුවා කියලා නම් කොහේවත් සඳහනක් නැහැ...

:       0       2

Bamunuarachchi Monday, 15 January 2024 04:02 AM

Fernando පත්තර කියවනවා නේද? දකින්න ඇති මෙහෙය වන්නේ පිටරට ඉඳන් කියලා. පොලිස්සිය බාර අරන් තිබෙන්නේ පාතාලයෝ කුඩු කාරයෝ අල්ලන්න මිසක්. උන්ව ගාල් කරන තැන් හොයන්න බලන්න නොවෙයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒගැන කටයුතු බාර ගන්න ඕනේ, 100 ඉන්න ඕන තැනට 300 ඔබන එකත් දඬුවමේ කොටසක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site