IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී නිවාස පිට අයට දීලා

(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි  පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන්  මෙන්ම  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පනහකට ආසන්න පිරිසක්  මෙම  නිල නිවාසවල සිටින බව දැනගන්නට ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දෙනුයේ කොළඹින් පිට ඈත දුර බැහැර   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර  රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරයි.

එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන එම ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි  පිටස්තර  පිරිස් ඉවත් කිරීම ගැටලු සහගතවී ඇතැයිද  සඳහන් කළේය.

මේ අතර එම මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය පවත්වාගෙන යෑමේ වියදම්ද දෙගුණයකින් පමණ වැඩි වී ඇතැයි වාර්තාවේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ යම් යම් සිද්ධීන් පසුගිය කාලයේදී වාර්තා වී තිබූ අතර ඒවාට සම්බන්ධ වී තිබුණේද මන්ත්‍රීවරුන් නොවන පිටස්තර අය බව දැනගන්නට ඇත.



අදහස් (11)

මන්ත්‍රී නිවාස පිට අයට දීලා

Senjee Saturday, 13 January 2024 01:49 PM

මේ අයගේ List එක දෙන්න. එතකොට බලන්න පුළුවන් කව්ද හරි කියලා. විශේෂයෙන් විපක්ෂයේ, JVP එකේ ඉන්න අයගේ. එතකොට කටේ නරිවාදන් එළියට එයි. ඇයි අපි මේවාට නොකා නොබී බදු ගෙවන්නේ...?

:       18       157

SAMANSaturday, 13 January 2024 07:44 PM

එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන්නේ එම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය රටට හෙළිකරන්න. ඔවුන් පාර්ලිමේන්තුවට පත්කර ලද්දේ මහජනතාවගේ කතිරයෙනි.

:       0       4

ravin Saturday, 13 January 2024 02:13 PM

තවත් බදු ගෙව ගෙව නඩත්තු කරපල්ලකෝ... රට පාලුවෝ ටිකම...!

:       0       107

අරවින්ද මොනරවිල Saturday, 13 January 2024 02:39 PM

කවුරු කෙරුවත් වැරැදි වැඩක් ඒක...!

:       0       81

Kazi Shajahan Saturday, 13 January 2024 04:50 PM

ඕක පාර්ලිමේන්තු පරිපාලනයේ දුර්වලතාවයක්... පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ලා විතරයි ඉන්න පුළුවන්... කියලා දැන්වීම ගහන්න. ඊට පස්සෙත් කවුරුහරි එන්න යනවා නම් උසාවි දාලා ලොකු දඩයක් ගහන්න ඒ අදාළ මන්ත්‍රීවරයාට... ඕවා සුළුවෙන් විසඳන්න පුළුවන් දේවල්..!

:       12       48

රටවැසියා Sunday, 14 January 2024 07:41 AM

සහතික ඇත්ත... පාර්ලිමේන්තුවට පත්වෙන මන්ත්‍රී කෙනෙකුට නිවසක් දෙනවිට කොන්දේසි පැනවීමේ බලවත් දුර්වලතා තියෙන බව මෙයින් පේනවා... ඊළඟට මන්ත්‍රී තනතුර නැතිවෙන අවස්ථාවේ නිවසින් ඉවත්වෙලා යන්න කියලා දැනුවත් නොකරන බව පේනවා... සාමාන්‍යයෙන් කෙනෙකුට විශ්‍රාම වැටුප් දෙන්න ඉස්සෙල්ලා එක් එක් අයෙක් භාරයේ තියෙන රජයේ දේපළ බාරදෙන්න ඕනෑ... එතෙක් විශ්‍රාම ගෙවීම් නොකළ යුතුයි. හරි නම් මෙහෙම වැරැදි කරන අයට ඊළඟ වතාවේ අපේක්ෂක ලෙසට නාමයෝජනා නොදිය යුතුයි... එසේම මන්ත්‍රී නොවන පක්ෂයේ කෙනෙකුට මන්ත්‍රී කෙනෙක් ඔහුට ලැබුණු නිවස දීලා තිබේ නම් ස්ථාවර නියෝග සංශෝධනය කර මන්ත්‍රී තනතුර අහෝසි කර ජනතා දේපළ නාස්ති වීම වළක්වන්න ඕනෑ. ඒ සමග මෙහෙම දේවල් නොසලකා හරින නිළධාරින්ට දඬුවම් දියයුතුයි...!

:       0       1

ugitha Saturday, 13 January 2024 10:31 PM

තව මුන්ට අපි ටැක්ස් ගෙවන්න ඕන.මුන් මහ නරුම උන් .කාලකන්නි දෙස්පාලුවා සහ රජයේ සේවක හැතිකරේ

:       0       1

Mark Sunday, 14 January 2024 07:21 AM

ලාල් කාන්ත අවුරුදු ගාණක් හොරෙන් ඉන්නේ..!

:       0       0

Amara Sunday, 14 January 2024 09:07 AM

මේ පහසුකම් අවලංගු කරන ආණ්ඩුවක් පත්කර ගනිමු..!

:       0       2

චමින්ද Sunday, 14 January 2024 01:14 PM

එහෙම කරන්න පුළුවන් කෙනෙක් තවමත් ලංකාවේ ඉපදිලා නැහැ.. තමුන්නැහැ හිතාගෙන ඉන්න කණ්ඩායමේ මන්ත්‍රී නොවෙන කෙනෙක් ඔය නිවසක ඉන්නවා කියලා අහලා තියෙනවා ඩිස්ලයික් නොදා තොරතුරු දැනගැනීමේ පනත අනුව විස්තරයක් අරගෙන බලන්න...!

:       0       0

Ajith Sunday, 14 January 2024 09:57 AM

එන්න, මේ අය නඩත්තු කරන්න අපි බදු ගෙවමු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site