IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

(යොහාන් භාසුර)

අපොසස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) පැවසීය.

කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණ වීම මෙම අවලංගු කිරීමට හේතුව බවත් ඒ පිළිබඳව කළ විමර්ශනයේදී එය සාමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති බව තහවුරු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල් කීය.

කිසිඳු අපේක්‍ෂකයෙක්ට අසාධාරණයක් නොවීම සඳහා එම විභාග ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටිය යුතු යැයි තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

එම ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටින දිනය පසුව දැනුම් දෙන බව ද කියන විභාග කොමසාරිස්වරයා දැන් පැවැ්තවෙන උසස් පෙළ විභාගය අවසන් වූ වාහාම එම ප්‍රශ්න පත්‍රය නැවත පවත්වන බව ද සඳහන් කළේය.



අදහස් (2)

උසස් පෙළ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

රංබොඩ Friday, 12 January 2024 06:13 PM

ප්‍රශ්නපත්‍ර පිට නොවී ආරක්ෂා කරගැනීම ඉතාම භාරදූර කටයුත්තකි. නමුත් මෙලෙස ප්‍රශ්න පත්‍රයක් නැවත ලියන්නට ගියාම සිදුවන අපහසුව දන්නේ එය ලියන දරුවන්ය...!

:       0       22

chandu Friday, 12 January 2024 10:26 PM

මෙම වරද කළ පුද්ගලයා සොයා ප්‍රශ්නපත්‍ර මුද්‍රණ ගාස්තු ප්‍රවාහන වියදම් නිරීක්ෂක ගාස්තු ඇතුලු සියලු වියදම් තක්සේරු කර ඔවුන්ගේ දේපල වෙන්දේසිකර හෝ අයකරගත යුතුයි...!

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site