(ගයාන් සූරියආරච්චි, ඉන්දිකා රාමනායක සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරියකුගේ පුතකු සූක්ෂම ලෙස තොග වශයෙන් බෙදාහැරීමට සූදානම් කර තිබූ ලක්ෂ 35 කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (10) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකුගේ ‘සෝනි‘ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන 32 හැවිරිදි පුතකු බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

කැකිරාව නගරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු විසින් එම ව්‍යාපාරයේ සුවිසල් නිවාසයක රැදී සිටිමින් කුරියර් සේවාව හරහා මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වා පැකට් කර උතුරු මැද පළාතට බෙදාහරින බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකෙරිණි.