(යොහාන් භාසුර)
ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි චෝදනාවට බන්ධනාගතව සිට ඇප මත මුදාහැර සිටින ආගමික නායකයෙක් යැයි කියන පුද්ගලයකු කොළඹ පැවැත්වූ සාදයකට සහභාගි වූ බන්ධනාගාර කොමසාරිස්වරයෙක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා අද (9) පෙරවරුවේ කරුණු විමසා තිබේ.
මෑතකදී බන්ධනාගාර කොමසාරිස් තනතුරට පත්වූ අදාල නිලධාරියා සම්බන්ධයෙන් විජේදාස රාජපක්‍ෂ මහතා බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට පැමිණිලි කර තිබේ.
අදාල බන්ධනාගාර කොමසාරිස්වරා එම සාදයට සහභාගි වී සිටි ආකාරය ජනමාධ්‍යවල ප්‍රචාරය වීමෛන් ඒ පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් වී ඇති අතර අමාත්‍යවරයා එම නිලධාරියා ක්‍රියාකළාපය සම්බන්ධයෙන් බන්ධනාගර කොමසාරිස් ජනරාල්වරයාට දැඩි කණගාටුව පළකර ඇති බව ද දැනගන්නට තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධ) ගාමිණී බී. දිසානායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අධිකරණ අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එම සාදයට සහභාගි වූ කොමසාරිස්වරියාගෙන් කරුණු විමසා අවවාද කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කුමන ආගමට අයත් කෙනෙක්ද? ආගමික දේශනා කාරයා රිමාන්ඩ් බාරයේ සිටි කාලේ මෙයා ගන් ලැබුන සැලකීම් උපකාර වලට වලට සැලකිල්ලක් හැටියටයි මෙයාට සාදයට ආරාධනා කර තිබෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්.
අවවාද කිරීම දඩුවමක් නොවෙයි කියලා ආයතන සංග්‍රහයේ තියෙනවා මේ සිද්ධිය ඇත්ත නම් ඒ පුද්ගලයා කර තියෙන්නෙ බරපතළ වරදක් වෙනවා එනිසා තොරතුරු විමසීම කණගාටුයි කීම ප්‍රමාණවත් නැහැ වහාම විධිමත් පරීක්ෂණයක් කර සේවයෙන් පහකිරීමට කටයුතු කල යුතුය
මෙම විෂමාචාරයට දඬුවම අවවාද කිරීමද? විෂය භාර ඇමති කනස්සල්ල පල කිරීම ප්‍රමාණවත් ද? මෙයට පෙර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සාදයකට සහභාගි වූ නිලයෙහි නියුතු පොලිස්පතිවරයකුට තනතුර අහිමි කළ බැව් නොදන්නවාද?
සැකකරු ඥාතියෙක්ද නැතිව සැකකරු ගැන තොරතුරු හොයන්න ගිහිල්ලද?. ඒත් නැතිව. කියන විදියට ආගමික උන්මාදය සම්බන්ධ සැකකරුවෙක්නේ. අදාල කොමසාරිස්වරයා ඔහුගේ අනුගාමිකයෙක් නොවිය හැකිද?
ආගම් වලට සහ බෞද්ධ දර්ශනයට අපහාස කළ එම පුද්ගයාගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි එකදහස් ගණනක් තිබුණු වග වාර්තා විය. ඉන් පැහැදිලි වන්නේ ඔහු පැහැදිලි වම N.G.O. වලින් මුදල් ගෙන මේ විෂමාචාරය කරන වගයි. බන්ධනාගාර නිලධාරිියාටද මුදල් කුට්ටියක් නොලැබුණා යැයි කාට නම් කිව හැකිද ? එවැනි වරදකට අවවාද කිරීම අධෝ මුඛයට හිනා ගෙනෙන කරුනක්.වුවද ඉතා භයානක සිදුවීමකි.
මේක වාචික අවවාදයක්ද? අවවාද කරපු ලිපියක් මේ ගොයියාගේ පෞද්ගලික ලිපි ගොනුවට ගියාද?