(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යම් මන්ත්‍රීවරයකු එකිනෙකට වෙනස් වැරදි දෙකක් හෝ වැඩි ගණනකට වැරදිකරු වුවහොත් ඒ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස තුනක උපරිම කාලයකට අත්හිටුවිය හැකි බව නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
එවැනි වරදකදී මන්ත්‍රීවරයකුට උපරිම වශයෙන් ලබා දිය හැකි දඬුවම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් තමා පසුගියදා මතය විමසූ බවද ඔහු ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ)සහ 67 ව්‍යවස්ථා, කලින් කලට සංශෝධිත 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 22(3), 27(1), සහ 32 වගන්ති සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 77(1), 77(2),77(3), සහ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය පනතේ 5සහ 16(1) වගන්ති සලකා බලා ත්(ඊ) ව්‍යවස්ථාවට යටත්ව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5සහ 16(1) වගන්තියේ විධිවිධාන අනුගමනය කරමින් දඬුවම් කළ හැකි බවද නීතිපතිවරයා දන්වා ඇතැයි කතානායකවරයා කීය.
කතානායකවරයා පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී මෙම නිවේදනය ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දඬුවම ගැන නීතිපති මතය මැතිසබයට
Lalla Wednesday, 10 January 2024 07:34 AM
එතකොට රත්රන් හොරට ගෙනාව මන්ත්‍රීට මොන දඬුවමද දුන්නේ පාර්ලිමේන්තුව... එයා පාට් දාන්නත් ආව නේද බේරෙන්න උදව් නොකලට. පොහොට්ටුව හොරුන්ට උදව්කරන බව සහ ලංකා පාර්ලිමේන්තුව හොරුන්ට ඉන්න වුනත් හැකි තැනක් කියල ලෝකයටම පෙන්නුවා නේද