
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලී අස්වීම නිවේදනය කළේය.
ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.
ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද චමින්ද විජේසේකර මහතා කීය.සජිත් පේමදාස මහතා තමාට පියෙක් වගේ සැලකූ බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ඔය 224 සෙට් එකම අයින් වෙන්න ප්ලීස්
225න් එක කොන්දක් තියන එකට සතුටු වෙනවා.
ඉතාම අසාමාන්‍ය දෙයක්.එත් ඔබ ඉල්ලා අස්වූ පමණින් ඡන්දයක් මෙ ජනාධිපතිවරයා නොතබන බව තෙරුම්ගත යුතුය.හෙතුව කුමන චන්දක් තිබ්බත් තමන් ගෙදර බව ජනාධිපතිවරයාම දන්නා බැවිනි
එය නාට්‍යයක් නම්... ඔහු එය කරන්නේ නියම වේලාවටය... එය සැබෑ හැඟීමකට නම් මම ඔහුට ගරු කරමි.
විපක්ෂය හින්දා හරි .ආණ්ඩුවේ ඉන්න කාලකන්නින් අස්වෙයි
අනේ ඔක්කොම අස්වෙලා චන්දයක් තියන්න කෝ .අපිට ඔය පාලිමන්ට් එක ඕන නැහැ
විපක්ෂයේ සියලු මංත්‍රීවරු ඉල්ලා අස් උනත් ආණ්ඩුවට රට පාලනය කරගෙන යන්න පුළුවන් .ඒක නිසා සමහරු කියන විදිහට සම්පූර්ණ විපක්ෂයම ඉල්ලා අස් උනොත් වෙන්නේ ආණ්ඩුවට විරුද්ධ මත වලට හඬක් නැති වෙනවා. ඒ වගේම මේ පාර්ලීමේන්තුවේ නිල කාලය තවම අවසන්ව නැති නිසාත් එවැනි ක්‍රියාවක් මගින් රටේ හො ලෝකයේ අවධානය දිනා ගන්න හො බැරි වේවි.
මෙවැනි කුට ව්‍යාපෘති සහ දහන් ගැටවලට හසු වන සෑහෙන පිරිසක් සිටින බව .කොමෙන්ටු වලින් පෙනේ.
පුතානෝ පියානෝ වූ වගයි.
ජවිපෙට පනින්න ලෑස්තිය
මම ඔහුට ගරු කරමි .ඔබගේ ආරක්ෂාව පිලිබඳ සිතන්න . ඔබ සතුරාට වැරෙන් පහර දුන්නා