
(යොහාන් භාසුර)
වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වාහන ආනයනය බදු ආදායම පැත්තෙන් ලැබූ විට ආණ්ඩුවට වැඳගත් බවත් වාහන ආයනයන පිළිබඳව සෙවීමට කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය සතු සංචිත ප්‍රමාණය කොතරම් ප්‍රමාණයක් වූ විට ද වාහනය ආනයනය ආරම්භ කළ හැක්කේ සහ රටේ තියෙන වාහන සංඛ්‍යාව ප්‍රමාණවත්ද නැද්ද යන කරුණු පිළිබඳව කමිටුව දෙන වර්තා මත ඉදිරි කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කීවා වාහන ගේන කතාව .සෙල් කාක්කෝ සල්ලි දීලා දාපු එකක් කීවේ නිකන්ද
වාහන ආනයනය කලාම රජයට බදු ආදායම් ලැබෙනවා තමයි .ඒවා රට ඇතුලේ තියෙන මුදල් වුනත් වාහන ගෙන්වීම සදහා වියදම් වෙන්නෙ රටේ තිබෙන විදෙස් සංචිත තමයි (විදේශ විනිමය ) .මම අහල තියෙනවා එක් ජාතක කතාවක වදුරෙක් එක් කඩල ඇටයක් බිම වැටුනාම අතේ තිබුන සියලු කඩල විසිකර මුලින් වැටුනු කඩල ඇටේ සොයන්න ගත්තා කියලා .ඔය කතා අපිට කියන්නෙ නිවන් දකින්න නොවෙයි. ආදර්ශයට අරගෙන දියුණුවක් ලබන්න තමයි .කොහොම වුනත් වාහන ආනයනය තවත් කලකට නතර කිරීම සුදුසුයී
මේ අමාරු අවස්ථාවේ කාලකන්නි ජෙප්පන්ගේ කථා වලට අවනතානොවී විදෙස් රැකියා කරන්නාවූන් එවන විදේශීය විනීමය වැයකර කාර් ගෙන්වීම අපරාධයක්.
ඒක හොඳයි .මොකද මෙයාලාගේ කෙරුවාව හොඳ නිසා රටේ වාහනත් මිනිස්සුන්ට දුවාගන්න බැරි වෙලා තියෙන්නේ
ඉන්ධන ණයට ගන්න රටකට, තවත් වාහන ඕනෙද?