(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.

මාලිගාවත්ත ප්‍රදේශයේ වෙළඳසලකට රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට පුද්ගලයකු උත්සාහ කිරීමේදී වෙළඳසැල් හිමිකාරියට ඒ පිළිබඳ ඇතිවූ සැකයක් මත එම පුද්ගලයා අල්ලා පොලිස් නිලධාරීන් වෙත භාරදී තිබිණි.

අනතුරුව එම පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයකු ව්‍යාජ රුපියල් 1000/= මුදල් නෝට්ටු තුනක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට උපයෝගී කරගත් මුද්‍රණ යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 - 24 වයස්වල පසුවන මාලිගාකන්ද පාර මරදාන සහ, මාලිගාවත්ත කොළඹ 10 පදිංචිකරුවන්ය.