පුවක් හොරාම ඔත්තුවක් දී පැන ගිහින්
යාළුවකුගේ දානේ ගෙදරකට යාමට සල්ලි නැතිව ඉඩමක හොරට පුවක් කැඩූ වයස අවුරුදු 19, 20, 21 වයස්වල පසුවන තරුණයක් තිදෙනකු අත්අඩංගුවට ගත් බවට ඌරුබොක්ක පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙංගමුව දාබෝගල ප්රදේශයේ පදිංචි අවුරුදු 19, 21 ක තරුණයන් දෙදෙනකු සහ පස්ගොඩ මීරන්පොළ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයකු ඇතුළු තිදෙනකු බවට පොලිසිය පවසයි.
තරුණයන් තිදෙනා යතුරු පැදි දෙකකින් මෝලොග්ගමුව ප්රදේශයේ යහළුවකුගේ නිවසේ දානමය පින්කමකට සහභාගිවීම සඳහා පිටත්ව ඇත. පින්කම්