IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොලිසිය ඉස්සරහ කෙල්ලට කෝල් කර පරිප්පුවක් කාලා

කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත
නගර මධ්‍යයේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනිද්දී සිය පෙම්වතියත් සමග හිමිහිට හිමිහිට හොරෙන් හොරෙන් ජංගම දුරකතනයෙන් කතා කළ තරුණයකුට නොසිතූ අබැද්දියකට මුහුණදීමට සිදුවූ පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
නගර මධ්‍යයේ වෙළෙඳසලක් මේ තරුණයාට තිබේ. ඔහු එදා සිටියේ සිය වෙළෙදසල තුළය. ඒ එක්කම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීහු පිරිසක් යතුරු පැදියෙන් පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට නගර මධ්‍යයේදී පියවර ගනිමින් සිටියහ. එතැන ඒ අවස්ථාවේදී එකම කලබැගෑනියකි. නගරවාසීහු ද එතැනට රොක්වීමට පටන් ගත්හ. මේ තරුණයා ද සිය වෙළෙඳසල ඉදිරිපිට මහා මාර්ගයට පැමිණියේ වෙන්නේ මොකදැයි සොයා බැලීමටය.
ඒ එක්කම ඔහුට දුරකතන ඇමතුමක් ආවේය. ඔහු එයට සම්බන්ධ විය. කොහේදෝ සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු මේ තරුණයාට තඩි බා ජංගම දුරකතනද ගෙන ඔහු කුදලාගෙන ජීප් රථයට නංවා ගත්තේය. තමාට කතා කළේ පෙම්වතියයැයි කොතෙක් ගතු කීවත් මේ නිලධාරියා කීවේ මේ දුරකතන ඇමතුම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ සැකකරුවන් හා සම්බන්ධ එකක් යැයි කියමින් පොලිස් ස්ථානයටද ගෙන ගියේය.


ඒ විතරක්ම නොව කවදාවත්ම චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට නොගිය මේ තරුණයාට පෙම්වතිය දුන් දුරකතන ඇමතුම නිසා පැය ගණනක් පොලිසියේ තපින්නට සිදුවිය.
පෙම්වතිය දුන් දුරකතන ඇමතුම පරීක්ෂා කර බලා ඔහු නිදහස් කරන විට ඔවුන්ගේ ද මව්පියන් ඇතුළු බොහෝ පිරිසක් පොලිසියට පැමිණ සිටියහ. නොකළ වරදකට සෙනග ඉදිරිපිට ගුටි කෑ මේ තරුණයා දැන් දිවි ගෙවන්නේ බොහොම කලකිරීමෙනි.



අදහස් (4)

පොලිසිය ඉස්සරහ කෙල්ලට කෝල් කර පරිප්පුවක් කාලා

සමන් Tuesday, 23 January 2024 11:08 AM

මේ කටු කන නකුට වනන හැත්ත නිසා මේ රට උතුරු කොරියාවක් වෙන්නනේ යන්නේ. අනීතිකව අත්අඩංගුවට ගත්තා නම් කල කිරෙන්නේ නැතුව ගිහින් මානව හිමිකම් නඩුවක් දාන්න.

:       3       36

fairoos Tuesday, 23 January 2024 12:33 PM

ලංකාවේ දැන් තත්වේ එහෙම තමයි

:       2       26

Abeywardhana Tuesday, 23 January 2024 03:32 PM

තමන්ගේ වැඩේ කරගෙන ගෙදර යන්නේ නැතිව අනුන්ගේ දේවල් බලන්න ගියාම ඔහොම වෙන්න ඕනේ...!

:       25       7

NaleenWednesday, 24 January 2024 08:11 AM

තමුන් කට වහගෙන ඔලුව නවාගෙන තමන්ගේ වැඩේ බලාගෙන ඉන්න නිවට චරිතයක් බව පැහැදිලී.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site