IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තමුන්ගෙම කට්ටකම මතක්වී ආය කට්ටට උම්ම දීලා

සර්පයකු නිසා වෙද මහතකුට ‘‘අංචි”‍ ඇද, ගමක්ම අන්දවා, බඩ කට පිරෙන්න රස මසවුළු වලින් සප්පායම් වී, යහතින් ගමට පැමිණි පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් පදවිය වැලිඔය ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
දැන ගැනීමට ලැබුණු සිද්ධිය මෙසේය.
ඔහු කපටි කෛරාටික වැඩ කිරීමට රුසියෙකි. අන් අයට අලාභ හානි සිදුවන හෝ, මහා පරිමාණ සොරකම් හෝ නොව, මේවා ඉතා කුඩා වංචාවන්ය.ඔහු කරන ලද කපටිකම්වල හාස්‍යය මැනවින් ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.
ඉකුත් දිනෙක, ඔහු වැලිඔය ගම්පළාතෙන් පිටත්ව ගියේ මහියංගන ප්‍රදේශයට කුමක් හෝ රැකියාවක් සොයා ගැනීමේ අරමුණෙනි.හවස පහට පමණ මහියංගනය,හඳගනාව ප්‍රදේශයට පැමිණි මහී පාල,හවස් වන තුරුම ප්‍රදේශය පුරා ඇවිද ගියේ තමාට කුමක් හෝ රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් වුවද,එය සාර්ථක නොවීය.එම ප්‍රදේශයේ ඔහුට හමුවුණු කිසිම පුද්ගලයෙකු කරුණාවන්ත නොවුණු අතර, ඔහුට පිහිට වීමටද ඉදිරිපත් නොවූහ.
දැන් හොඳටම කරුවල වැටිලාය.උදේ ගෙදරින් පිටත් වූයේ කහට කෝප්පයක් බීලාය.කඩයකින් තේ එකක් බීමටවත් ඔහු ළඟ මුදල් නැත. 
‘‘දැන් කුමක් කරම්දෝයි”‍ සිතමින් පන්සල් දෙක තුනකට ගියද, එහිදීද  ඔහුට පන්සලේ වත් නැවතීමට අවසරයක් නොලැබුණි.


‘‘හොරාට ඇත්තේ ගණදෙවි නුවණ”‍ යැයි පැරැණි කියමනක් ඇත. කමිසයෙහි  බොත්තමක් ගැලවී,ඒ වෙනුවට ඔහු, ‘‘හැට්ට කටුවක්”‍ ගසාගෙන තිබුණි.ඔහුගේ කට්ට කෛරාටික ,වෙට්ට පිත්තල මොළේට අපූරු අදහසක් පහළ විය. ඔහුගේ කට කොනකට සිනහවක් නැඟු‍ණි.ඔලු‍ ගෙඩිය ඇතුළේ සැලසුම් කළ,සැලැස්ම ඔහු ක්‍රියාත්මක කළේය.
ඒ අවස්ථාවේ පාරේ ගමන් කරමින් සිටි කිහිපදෙනෙකුටම, මොහු වේදනාවෙන් ඇඹරෙමින්, හඬමින්,කියා සිටියේ ඔහුගේ කකුලේ මහපට ඇඟිල්ලේ සර්පයකු දෂ්ට කළ බවත්, හැකි විගසින් ඔහු වෙද මහතකු ළඟට රැගෙන යන ලෙසත්ය.ගමේ පිරිස ඔහුට පිහිටවූහ. වහාම ගමේ වෙද මහතාගේ නිවසට ගම්වැසියන්ගේ කරමතින් ගිය මහීපාල, පරීක්ෂා කර බලා, ඇඳක් මත හාන්සි  කරවා, වෙද මහතා ප්‍රතිකාර ඇරඹීය.
තත්ත්වය එතරම් බරපතළ නොවන බවත්,දෂ්ට කර ඇත්තේ විෂ ගෝර සර්පයෙකු නොවන බවත්,සැක පළ කරන ලද වෙද මහතා,ඔහුට  හොඳට බත බුලතින් සංග්‍රහ කළේය.සිංහල වෙදකමේ ගුලි,කල්ක,කසාය සහ  තෙල් වර්ගද ඔහුට පෙව්වේය. ගමේ පිරිසද නානා විධ කෑම ජාතිද ඔහුට ගෙනැවිත් සංග්‍රහ කළහ.
පදවිය වැලිඔය ප්‍රදේශයේ සිට රැකියාවක් සොයා පැමිණි, මොහුට ගමේ පිරිස මිල මුදල් සහ හාල් පොල් ඇතුළු බඩු ගෝනියක්ද,පසුවදා උදේ පිළියෙල කර දි,ඔහුගේ අතට මුදල්ද දුන්හ.
ගමට පැමිණි ඔහු තම හිත මිතුරන් කැඳවා රස කරමින්, එම සිදුවීම පැවසුවේය.තමාගේ ඇඟිල්ලේ දෂ්ට කළ සර්පයා, මේ ‘‘හැට්ට කටුව”‍ බව පෙන්වා,‘‘උම්මා,උම්මා”‍කියමින් හැට්ට කටුව ඉඹගෙන, ඉඹගෙන ගියේය.

කැබිතිගොල්ලෑවේ  හේමන්ත රණසූරිය

 



අදහස් (0)

තමුන්ගෙම කට්ටකම මතක්වී ආය කට්ටට උම්ම දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site