IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නමට අකුරු වැඩිවෙලා බැංකුවේ අලි ජංජාලයක්

මොරගොල්ලාගම සිසිර කැලේගම
නාමය  වැරැදියැයි පවසා එය නිවැරැදි කරවා ගැනීමට රාජ්‍ය බැංකුවක් කරා පැමිණි ගනුදෙනුකරුවකු සම්බන්ධව ඇතුගල්පුරවරයට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි.
ඔහු රැකියාවක් නොමැතිව සෑහෙන කාලයක් නිවෙසේ පසු වූවෙකි. එතරම් උගත්කමක් නොමැති ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. පවතින ආර්ථික අගහිඟකම් මැද රැකියා අවස්ථා සොයා ගිය ඔහුට කුරුණෑගල අවට පෞද්ගලික ආයතනයක රැකියාවක් පසු ගියදාක ලැබුණි. 
ඔහු එම ආයතනයේ මාසයක් පුරාවට සේවයේ නියැළී මාසය අවසන් වීමට පෙර තමා නමට බැංකු ගිණුමක් අරඹා නිසි බලධාරීන් වෙත පාස්පොතේ ජායා පිටපතක් ගෙනැවිත් බාර දී ඇත්තේ වැටුප් ලබා ගැනීමේ පහසුව තකාය.
කෙසේ වෙතත් ඔහු සේවයේ නියැළු‍ණි. මාසික වැටුප් පැරණි අයටත්, අලු‍ත බඳවා ගත් අයටත් ලැබී තිබුණි. සියල්ලෝ වැටුප් ගැනීමට අදාළ බැංකු කරා ගොස් තම වැටුප ලබා ගෙන ඇත. ඒ අනුව මෙම තැනැත්තාද ඔහුගේ ගිණුම හිමි බැංකුවට  වැටුප් ගැනීමට ගියේය.


එහිදී බැංකු නිලධාරියා ගිණුම පරීක්ෂා කර බලා වැටුප ලැබී නැති බව පැවැසීය. ඉන් කලබලයට පත් ඔහු ඒ බව ආයතන ප්‍රධානියාට දැනුම් දුන්නේය. ප්‍රධානියා මේ ගැන ඉහළ බලධාරීන් දැනුවත් කළේය.
බලධාරීන් පවසා තිබුණේ නමේ යම් ගැටලු‍වක් නිසා වැටුප ප්‍රමාද වී ඇති බැවින් එය නොපමාව නිවැරදි කරන බවත් වැටුප ලැබීමට සලස්වන බවත්ය.
ඉන් අනතුරුව ඔහු ද තම බැංකු පාස් පොත අතට ගෙන එය පරීක්ෂා කළේය.
“ඇත්ත තමයි... නම වැරැදියි” කියා නමේ වැරදුණු තැන දුටු ඔහු  එය නිවැරැදි කරවන්නට තම සගයාද සමග පාස් පොතත් රැගෙන බැංකුව කරා දිව ගියේ ගනුදෙනු කිරීමේ කාලය අවසන් වීමට ආසන්නව තිබූ නිසාය.
“සර්, මගේ නම වැරදියි. මගේ නමේ මුලකුරු තමයි මේවා. මගේ නමට මුලින් එම්.ආර්. කියලා ලියා තිබෙනවා. මේ බැංකුවේ වැරැද්ද නිසා මට මේ මාසේ වැටුපත් නැවතිලා.  මෙවැනි වාසගමක් මට නැහැ. ඒක කරුණාකර නිවැරදි කර දෙන්න” යැයි ඔහු ඉල්ලීමක් කළේය.
එය පරීක්ෂා කළ නිලධාරියා “නැහැ මහත්තයෝ, මේක නමක් නෙමෙයි. ඔයාට ගරුත්වයක් දීමට මුලට මිස්ටර් කියා ඉංග්‍රිසියෙන් කෙටි කර දමා ඇතැයි ”යනුවෙන් පැහැදිලි කර දුන්නේය.
ඒ අනුව ඔහු හා තනියට ගිය එක ඉත්තේම පොල්වැනි දැනුමක් ඇති අන් සේවකයාද ලැජ්ජාවෙන් යුතුව පිටතට ගියහ. කෙසේ වෙතත් පමා වූ වැටුප පසුව ලැබී ඇති බවත් දැනගන්නට තිබේ.



අදහස් (2)

නමට අකුරු වැඩිවෙලා බැංකුවේ අලි ජංජාලයක්

දමිත් Tuesday, 16 January 2024 09:39 AM

ඔන්න ඔය වගේ පුද්ගලයෝ තමයි කොච්චර හොරා කෑවත් රට බේරාගාත් නායකයා කියලා ඡන්දේ දාන්නේ.

:       4       11

mangala Tuesday, 16 January 2024 04:12 PM

බැංකුවේ වැරැද්ද මිස්ටර් කෑලි මොකටද? තේරෙන සිංහලෙන් නම දාන්නේ නැතුව... රට සිංහල ඒත් තවම ඉංග්‍රීසියට වැඳ නමස්කාර කරගෙන ඉන්නේ..!

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 59 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site