IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනුන්ගේ බසයකට නැගලා ලොකු ගමනක් නොමිලේම ගිහින්

වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී
පෞද්ගලික බසයක ධාවනය ගැන අවවාද කිරීමට එම බසයට ගොඩ වූ කැප්පෙටිපොළ බස් ඩිපෝවට අයත් බස් රථයක කොන්දොස්තරවරයකු එම බසයෙන් බැසීමට ඉඩ නොදී කිලෝ මීටර් කිහිපයක් රැගෙන ගොස් බස්වා යෑමේ සිදුවීමක් ඉකුත් දිනෙක දකින්නට ලැබුණි. 
වැලිමඩ නගරයෙන් බණ්ඩාරවෙල නගරය දක්වා ඉකුත් දිනෙක කැප්පෙටිපොළ බස් ඩිපෝවට අයත් බස් රථය ගමන් ආරම්භ කළේය. එම වේලාවෙන් පසුව වැලිමඩ නගරයෙන් ගමන් ආරම්භ කළ පෞද්ගලික බස් රථය කිලෝ මීටර් හයක් පමණ යද්දී ඉදිරියෙන් ගිය ලංගම  බසය පසුකර ධාවනය කරන අයුරු දක්නට ලැබුණි.
 ලංගම බසය පසුකර ධාවනය වූ පෞද්ගලික බස් රථය පසුපසින් ධාවන වූ ලංගම බසයට ඉඩක් ලබා නොදී ධාවනයේ නියැළිණි. මාතැටිල්ල පාලම ආසල දී එම ස්ථානයේ සිටි මගීන් පිරිසක් නංවා ගැනීමට පෞද්ගලික බස් රථය මාර්ගය අවහිරවන ලෙසින් නතර කළේය. 
 
මේ අවස්ථාවේ කැප්පෙටිපොළ බස් ඩිපෝවේ බස් රථයේ කොන්දොස්තර මහතා වේගයෙන් දුව ගොස් පෞද්ගලික බස් රථයට ගොඩ විය. බස් කොන්දොස්තරවරයා ගොඩ වූ සැණින් පෞද්ගලික බස් රථය ධාවනය කරන්නට විය.
වෙන කළ හැකි දෙයක් නොවීයෙන් කැප්පෙටිපොළ බස් ඩිපෝවේ බස් රථයේ රියැදුරා බස් රථය ධාවනය කළේ කොන්දොස්තරවයා නොමැතිවය. මේ අතර පෞද්ගලික බස් රථයේ රියැදුරා ලංගම බස් කොන්දොස්තරවරයා අඹේගොඩ  ප්‍රදේශයේ බැස්ස වීය. ඒ වනවිට ඔහු සෑහෙන දුරක් පෞද්ගලික බසයෙන් නොමිලේම ගමන් කර තිබිණි.
වැලිමඩ, බණ්ඩාරවෙල නගර අතර ලංගම හා පෞද්ගලික බස්රථ ඒකාබද්ධ සේවයේ බස් ධාවන කාල සටහන පිළිබඳව තමන් පෞද්ගලික බස් රථයේ රියැදුරාට ධාවන කාල සටහනට අනුව තමන් සේවය කරන බසය පෙරවරු 9.30ට බණ්ඩාරවෙල නගරයට ළඟා වීමට ඇති බවත් එම වේලාවෙන් පසුව පෞද්ගලික බසය එහි ළඟා වීමටත් නියමව තිබෙන බවට පවසා ඇත. 
මින් පසු මෙම වරද නොකරන ලෙසට අවවාද කරමින් දැනුවත් කළ බවත් තමන්ට බස්රථ ධාවනයේ දී ගැටුම් ඇතිකර ගැනීමට අවශ්‍යතාවක් නැති බවත් පැවැසූ බව කැප්පෙටිපොළ බස් ඩිපෝවේ බස් කොන්දොස්තරවරයා බසයේ සිට මගීන් සමග පැවසුවේය.



අදහස් (2)

අනුන්ගේ බසයකට නැගලා ලොකු ගමනක් නොමිලේම ගිහින්

Pradeep Kumara Friday, 19 January 2024 09:59 AM

කිසිදු විනයක් නැති අපේ මගී ප්‍රවාහන සේවාව. මොවුන්ට විධිමත් පුහුණුවක් ලබා දීමට කිසිදු ආයතනයක් නැති හැටි?

:       1       21

Savin Sunday, 21 January 2024 07:48 PM

මේ කතාවෙන් කියැවෙන්නේ ලංගම සේවකයෙක් ඔහුගේ අනුමැතියක් නැතිව පුද්ගලික බස් රථයේ රියදුරා විසින් අරන්ගිය බවයි. එය නීතිවිරෝධීයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 59 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site