IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගවුමක ජං‍ජාලයෙන් සැමියාගේ රෙදි ගැලවෙයි

මොරගොල්ලාගම  සිසිර කැලේගම
සැමියාගේ දන්නා හඳුනන මිතුරකුගේ ගෙදරට තම බිරිය රැගෙන ගිය ගමනේදී සැමියාට තරු විසිවුණු පුවතක් වයඹ සීමාවට අයත් කහල්ල පල්ලේකැලේ රක්ෂිත අභය භූමිය අවට ගමකින් අසන්නට ලැබුණි.
සැමියා රාජ්‍ය ආයතනයක දඹුල්ල  ප්‍රදේශයේ සේවය කරන්නෙකි. සඳුදා උදේම  සේවයට යන ඔහු සිකුරාදා සවස් යාමයේ ආපසු  නිවෙසට පැමිණෙයි. බිරිය ද ගුරු වෘත්තියේ නියැළෙන්නීය.  පාසලට උදේ යන ඇය සවසට ගෙදර එයි. දරු දෙදෙනා ද පාසල් යන වයසේ නිසා සවස් යාමයේ දරුවන් සමග නිවෙසේ බොහොමයක් වැඩ කටයුතු කෙරෙන්නේ  ඇය අතිනි.
සති අන්තයේ දරුවන් උපකාරක පන්තිවලට යන අතරේ එම දිනවල ගෙදර රැඳෙන සැමියා දර පළන්නට වත්ත පිටිය  සුද්ධ පවිත්‍ර කරන්නට නොමසුරු සහයෝගය ද දෙයි. අඩදබර නැතිව දෙදෙනා සමගියෙන් වාසය කරති.
දිනක් ඒකාකාරිභාවයෙන් මිදෙන්නට විනෝද ගමනක් යන්නට සැමියා යෝජනාවක් ගෙනාවේය. බිරිය ද ඊට එක පයින් කැමැති වූවා ය. එහෙත් දරු දෙදෙනා ඊට අකැමැති වුණේ ඔවුනට එදිනත් උපකාරක පන්ති නිසාය.
“එහෙනම් ඔයාලා පන්ති යන්න. අපි දෙන්නා  උදේම ගිහින් සවස ඔයාලා එන වෙලාවට අපිත් ගෙට එන්නම්” ඇය කීවාය. ඒ අනුව දෙදෙනා නික්ම ගියේ සැමියා සේවය කරන දඹුල්ල  ඉසව්වටය. 


පළමුව ආයතනයට ගිය දෙදෙනා එතැනින් රන්ගිරි  දඹුලු‍ විහාරය වැඳ පුදා ගත්හ. ඒ අතරවාරයේ සැමියා දන්නා හඳුනන හිතවතකුගේ ගෙට ගොඩ විය. ඔවුන් එහි යන විටත් එම නිවසේ  යුවළ ද වෙනත් ගමනක් සඳහා පිටතට ගොස්ය.
දරුවෝ පමණක් නිවෙසේ සිටිති. යතුරු පැදියෙන් බිමට බැස ගත් බිරියට  එතැන සෝදා වැළේ වනා ඇති ඇඳුමක් දෙසට සිත ගියේය. ඇය එතැනට දිව ගියාය. එය අත පත ගා බැලු‍වාය. ඇය නිවෙසේ සිටි පොඩ්ඩන්ට සමීප වූවාය.
“පුතේ මේ ගවුම මම තමයි අම්මට එව්වේ... මේක අර අංකල් නේද ගෙනාවේ..?” ඇය විමසුවා ය.
“ඔව්.. ඔව්.. ඒක ඒ අංකල් තමයි අම්මාගේ උපන් දිනයට දුන්නේ’’ පොඩ්ඩෝ ඊට පෙරළා පිළිතුරු දුන්හ.
ඒ වනවිටත් ඔහු ඒ වගක් නොදැන යතුරු  පැදිය මත රැඳී තමා ඒක ගෙනා වගක් වසන් ගන්නට මෙම නිවෙසේ කත සමග දුරකතන සංවාදයකය.
“මගේ අල්මාරියේ තිබුණු අපේ අක්කා මට උපන් දිනේට දුන්න මේ ගවුම මටත් හොරෙන් තමුසේ හොරකම්  කරලා හොර ගෑනිට දීලා...” වැලේ වනා තිබූ ගවුම ගෙනැත් ගුලිකර සැමියාගේ මුහුණට දමා ගසමින් යක්ෂ ආරූඪව  සැමියාගේ ඇඟට කඩා පැන්නා ය.
පොඩ්ඩන් සියල්ල වමාරා ඇති බව දැන ගත් ඔහු කිසිත් නොකියා එතැනින් නික්ම යන්නට තම බිරිය පිටුපස අසුනේ හිඳුවා යතුරු  පැදිය පණ ගැන්වීය. ඒ  නිවෙසේ යුවළ ආවොත් මෙතැන ඇති වෙන මහා විනාශයේ තුන් කොන් සටනින්  මිදෙන්නටය.



අදහස් (2)

ගවුමක ජං‍ජාලයෙන් සැමියාගේ රෙදි ගැලවෙයි

Pradeep Kumara Thursday, 25 January 2024 11:23 AM

මොනතරම් මෝඩ මිනිහෙක්ද? හොර වැඩක් වත් කරගන්න දන්නෙ නැති හැටි?

:       0       13

CHINTHANA Thursday, 25 January 2024 11:48 AM

අනියම් සම්බන්ධයක් තියන ගෙදරකට බිරිඳ එක්ක යන්නේ මොන මෝඩයාද ?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 59 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site