IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොක්කා අන්දාගෙන අවුරුද්දක්ම වැඩියෙන් වැඩ කරලා

වියලු‍ව වාර්තාකරු 
තමුන්ගේ නිසි වයස සඟවාගෙන තම ආයතන  ප්‍රධානියා මෙන්ම එකට වැඩ කරන සේවක පිරිසද අන්දවමින්  විශ්‍රාම යායුතු වයස ඉක්මවා වසරක පමණ කාලයක් සේවය කරමින් වැටුප් හා දීමනා ලබාගත්  සේවකයකු පිළිබඳව ඌව පළාතෙන් වාර්තාවේ.
ඔහු ඌව පළාතේ එක්තරා  ආයතනයක  සාමාන්‍ය සේවකයෙකි.
බොරු විශ්වාසයක් හා සුහදත්වයක් මවා පාමින් ඔහු ආයතන ප්‍රධානියාගේද සිත දිනාගෙන සේවය කළේ ආයතනයේ සෙසු සේවකයන් නොකළ වැරැදිවලට පවා වරදකරුවන්  කරමින් ආයතන ප්‍රධානියාට ගතු කේළම් පවසමිනි.
මේ හේතුව නිසාම ආයතන ප්‍රධානියා ද ඔහු කෙරෙහි අපමණ විශ්වාසයකින්  පසුවූයේ ඔහු පැවැසූ බොහෝ දේ සත්‍යයැයි වටහා ගනිමිනි.


කෙසේ වෙතත් නිසි විශ්‍රාම වයසට වඩා වසරක පමණ කාලයක් මොහු සේවය කොට ඇති බව ආයතන ප්‍රධානියාට  දැනගන්නට ලැබුණේ  සේවකයන්ගේ ලිපි ගොනු නඩත්තු කෙරෙන ප්‍රධාන කාර්යාලයේ ලිපිකාර මහත්මයෙකුගෙනි.
ඔහු විසින් කරනු ලැබූ දැනුම් දීමක් මත  අවසානයේ දී කලක් තිස්සේ තමුන් සමඟ ගැවසෙමින් තමුන් මුළා කළ පුද්ගලයාගේ ‍ප්‍රතිරූපය හඳුනාගන්නට ආයතන ප්‍රධානියාටද හැකිවිය.
කෙසේ වෙතත්  ඒ වන විටත් මොහු වසරක කාලයක් වැටුප පමණක් නොව අතිකාල දීමනා ඇතුළු සෙසු දීමනා ද ලබාගෙන තිබූ බව අනාවරණය විය. මේ වනවිටත් එම මුදල් යළි අයකරගෙන ඔහුට විනය පරීක්‍ෂණයක් පැවැත්වීමටද පියවර ගෙන ඇතැයි ආයතන සේවකයෝ පවසති.

 



අදහස් (0)

ලොක්කා අන්දාගෙන අවුරුද්දක්ම වැඩියෙන් වැඩ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site