දකුණු පළාතේ සුන්දර ගම්මානයක ජීවත්වන කාන්තාවකට වැඩි කතාව නිසා සිදු වු අපුරු සිදුවීමකි.
ඇය ඉතාමත් ප්‍රියමනාප කා සමගත් සුහදව කතා කරන දරුවන් සිව් දෙනෙකුගේ මවකි.කතාවට ගිය විට එය රස කරමින් කියවීමේදී අනෙකුත් සියලුම දෑ අමතක වීමේ අඩුපාඩුවක් ඇයට ඇත.මේ හේතුව නිසා දොඩමළුවන විට තමන් සිටින ස්ථානය පිළිබඳව අමතකවීමෙන් දැඩි අපහසුතාවට පත්වුවද නැවතත් කවුරුන් සමඟ හෝ කතාවට ගිය විට කලින් සිදු වු සියල්ල අමතක වේ.ඇයගේ සැමියා මෙන්ම දරුවන්ද මේ ගැන බොහෝ අවස්ථාවල චෝදනා කළද වෙනසක් සිදුවුයේ නැත.
දිනක් දුර බැහැරක ගොස් නැවත පැමිණෙමින් සිටි ගමේ තරුණපිරිසක් එම නිවසට ගොඩවුයේ ගමන් මහන්සිය මඳක් නිවාගැනීමේ අරමුණෙනි.ඔවුන් දුටු නිවසේ කාන්තාව ඉතා සුහදශීලී ලෙස ඔවුන් පිළිගෙන හිඳ ගැනීමට සලස්වා තොරතුරු විමසන්නට වුවාය. ඇයගේ තොරතෝංචියත් නැති කථාව අවසන් නොවන බව වැටහීගිය බැවින් බොහෝ පිපාසිතව සිටි එක් තරුණයකු වතුර වීදුරුවක් දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම පිරිස නිවසට පැමිණ බොහෝ වේලාවක් ගත වුවද තමන් ඔවුන්ට බීමට යමක් නොදුන් බව ඇයට එම අවස්ථාවේ සිහිපත් විය. එහෙත් පළමුව වතුර වීදුරුවක් දීමට සිතා ගෙතුළට ගොස් එය රැගෙන පැමිණියේ තමන් කරමින් සිටි කතාවේ ඉතිරි කොටස ඈත සිටම කියා ගෙනය.
ඉන් පසු ඔවුන් ඉදිරියට පැමිණි ඇය කතා කරමින්ම තමන් රැගෙන ආ වතුර වීදුරුව බොන්නට වුවාය. ඉන් ඉමහත් පුදුමයට පත් වු තරුණයෝ පිරිස ඇය දෙස විමතියෙන් බලා සිටින්නට වූහ. මොහොතකින් පියවි සිහියට පැමිණි කාන්තාව තමාගේ ඉවරයක් නැති කථාව නිසා පිරිස ඉදිරියේ සිදු වු අතපසුවීම පිළිබඳව බලවත් ලජ්ජාවට පත්වුවාය.
ඔවුන්ගෙන් සමාව අයැද සිටි ඇය ඉක්මනින් නිවස තුළට ගොස් සියලු දෙනාටම පලතුරු බීමක් පිරිනැමුවේ නැවත මෙලෙස අනවශ්‍ය ලෙස කතා නොකරන බවට තරයේ අදිටන් කර ගනිමිනි. එහෙත් ගමේ කා අතරත් මෙම සිදුවීම පැතිර යන්නට ගත වුයේ කෙටි කාලයකි.
කඹුරුපි්ටිය විශේෂ කේ. අජිත්
2025 ඔක්තෝබර් මස 08
1798
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1471
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
524
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
කතාවට ෙබ්‍ර්ක් නැති කත අමුත්තාට දෙන්න ගෙනා වතුර වීදුරුවත් බීලා