IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෝදා සිල් ගන්න මුවාවෙන් සිල් ගත් සේවකයා රැකියාවෙන් දොට්ට

ආයතනයේ පවතින වැඩ පසෙක තබා පුරපසළොස්වක පෝයට සිල් සමාදන් වීමට ගිය සේවකයකුට අත් වූ ඉරණමක් ගැන යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
 වසරක් ගෙවී  නව වසරක් උදාවීමට ඇත්තේ තවත් දින කිහිපයකි.
මේ නිසා පෞද්ගලික ආයතනයක සේවය කරන සේවක පිරිසට කාර්ය බහුල විය.
සියලු සේවකයන්ගේ දුකට සැපට පිහිට වන ආයතන ප්‍රධානියා මෙම වසර අවසානයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ අනුව සියලු දෙනා සති අන්ත සෙනසුරාදා, ඉරිදා, නත්තල මෙන්ම පෝය ආදි නිවාඩුවල පවා එහි රැඳී  සිටියහ. එය එසේ වුවත් අලුත පැමිණි සේවකයෙකු එම නියෝග තුට්ටුවකට මායිම් නොකර නිවාඩු ලබා ඇත්තේ ප්‍රධානීන් දැනුවත් නොකර ය.
‘‘ඔහු නිවාඩු ලබා ගෙන ඇත්තේ ඇයි? ’’ ප්‍රධානියා පැමිණ විමසුවේය.

“ඔහු හැම පෝයටම සිල් ගන්නවලු. අවුරුද්දේ අවසන් පෝය වූ උඳුවප් පෝය නිසා එදිනටත් සිල් ගන්න පන්සලට යනවලු. ඒ සඳහා ඔහු පෝයට පෙර දින එනම් නත්තල්  දින හවසම ඉන්  පිටවී ගෙදරට ගියා“ ඔහුගේ සමීපතමයෝ පැවසූහ.
‘‘ඒ වාගේ වැඩක් නම් කොච්චර හොඳ ද? මට නොකියා ගියපු එකනේ වරද’’ කියමින් ප්‍රධානියා ඔහු සිල් ගන්නා ගමේ පන්සල කරා  නික්ම ගියේ කොතෙක් වැඩ තිබුණත් එය පසෙක තබා එම ක්‍රියාව ඇගයීමටය.
පන්සලේ සිල් සමාදන් වූ අය සිටිති. එහෙත් මොහු නැත. පසුව ගමට පැමිණ ඒ ගැන විපරම් කළේය.
ඔහු නත්තල් දිනයේ සිට ගෙට ගොඩවී නැත. තම පෝන් එකද ක්‍රියාත්මක නැත. බිරිය ප්‍රධානියා හමුවේ කීවේ දුක් මුසුවෙනි.
එතැන් සිට ඔහු ඉන්නා ඉසව්ව ගැන සෙව්වේය. ඔහු නත්තල් දා පටන් පෝය ඉක්මවා යන තෙක්ම සීල් බීලා පදම ඉක්මවා  සිටින බවට තොරතුරු හෙළි වුණි.
එතැනටත් ගිය ආගන්තුක ප්‍රධානියා දැක රැස්ව සිටි පිරිස ගරු සරු වෙන අතරේ කිසිවකු එහි කාමරයක සිට අසභ්‍ය වචනයෙන් තවත් අයට බැණ වදිමින් සිටියේය.
ඒ කවුදැයි  ඇතුළට එබිකම් කළ ප්‍රධානියාට දැක ගැනීමට හැකි වුණේ තම ආයතනයේ කාර්ය බහුල සේවය පසෙක තබා සිල් ගන්නට නික්ම ගිය සේවකයා එතැන් සිට මේ දක්වාම ගෙදරටවත් නොගොස් මධුවිත පානය කරමින් පමණ ඉක්මවා සිටින අයුරුය.
කෙසේ වෙතත්  කිසිවක් නොකියා නික්ම ගියේ ඒ ආයතනයේ බොසා බව දැන ගත් ඔහුට වෙරි සිඳී ඇති බවත්, සේවය අහිමි වී ඇති බවත් දැන 'ගන්නට' ලැබුණි.

 

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

පෝදා සිල් ගන්න මුවාවෙන් සිල් ගත් සේවකයා රැකියාවෙන් දොට්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 58 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site