කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
නැන්දම්මා සහ ලේලි අතර නොයෙකුත් රණ්ඩු සරුවල් ගැන අසා තිබුණත් නැන්දම්මා සහ බෑනා කෙනකු අතර අලකලංචියක් පිළිබඳව වාහල්කඩට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
මෙම නැන්දම්මා ඇයගේ බාල දුව විවාහ කරගෙන සිටින බෑනාගේ ගෙදර මාසයකට තුන් හතර වතාවක් ගොස් දින දෙක තුනක් නැවතී සිටීම පුරුද්දක් කරගෙන සිටියාය. එහෙත් නැන්දම්මාගේ මේ ක්‍රියා කලාපය බෑනාට දිරෙව්වේ නැත. ඒ බව ඔහුගේ බිරිඳ ද හොඳින් දැන සිටියාය.
නැන්දම්මාගේ පැමිණීමත් සමග අඹු සැමි දෙදෙනා අතර නොයෙකුත් වාග් සංවාද උණුසුම්ව පවතින අවස්ථා බොහෝය.
බෑනා වැඩට යාමට සූදානම් වන ඇතැම් අවස්ථාවලදී නැන්දම්මා බෑනාට මුදල් දී කුමක් හෝ බඩුවක් රැගෙන ඒමට පැවරුවාය. බෑනා මුදල් රැගෙන ගොස් ඇයගේ අවශ්‍යතාව ඉටුකර දීමට කටයුතු කළේ මුවින් නොබැණය.
දිනක් බෑනා තම කාමරයට ගොස් ඇඳුම් මාරු කරගෙන එළියට පැමිණෙනතුරු නැන්දම්මා ඒ අසල දොර සමීපයේ හිටගෙන සිටියාය. ඒ ඇයට නගරයේ ෆාමසියකින් බෙහෙතක් ගැනීමට අවශ්‍යව තිබූ බැවිනි. සෑහෙන වේලාවක් ගත වුවත් බෑනා එළියට එන පාටක් නැත. බැරිම තැන නැන්දම්මා දොර රෙද්ද මෑත් කොට කාමරේට එබිකම් කළාය. ඒ සැණින් විදුලියක් වැදුණා සේ ඇය අත ගසා දමා ආපසු හැරී ඇයගේ කාමරයට ගියාය.
ටික වේලාවකින් බෑනා සුපුරුදු පරිදි ඇඳුම් ඇඳගෙන කාමරයෙන් එළියට පැමිණ සේවා ස්ථානය කරා නිවෙසින් පිටව ගියේය.
එදින සවස බෑනා වැඩ ඇරී ආපසු නිවසට එද්දී, ගේට්ටුව අසලදී දුටු දර්ශනයෙන් ඔහු මදක් තැති ගත්තේය. ඔහුගේ බිරිඳ යක්ෂණියක සේ නිවෙස ඉදිරිපිටට වී තමා එනතුරුම බලා සිටිනවා වැනි හැඟීමක් ඔහුට දැනුණි. ඔහු නිවෙසට ඇතුළු විය. ඒ සමගම තම බිරිඳ හඬමින්ද, තර්ජනය කරමින්ද, නොයෙකුත් විලාසයෙන් තමන්ට බැණ වදින්නට පටන් ගත්තේ ඇයගේ මවට ඔහු විසින් කරන ලද නොහොබිනා වැඩක් ගැන සැමියාට දොස් පවරමිනි.
‘‘මොකක්ද හැබෑටම තමුසේ අපේ අම්මට අද උදේ කරපු අලුගුත්තේරු වැඩේ. අපේ අම්මට මේ ගෙදර එන්න එපා කිව්වා නම් ඉවරයිනේ. ඔය වගේ තිරිසන් වැඩක් නොකර. ඇයි තමුසේ අපේ අම්මට නිර්වස්තතරයෙන් ඇඟේ නූල් පොටක් නැතුව පස්ස පෙන්නුවේ” යැයි ඇය එක දිගටම දෝෂාරෝපණය කළාය.
සැමියා මොහොතක් කල්පනා කරන්නට විය. සැණෙකින් ඔහුට දෙවියන් සිහිවිය. එදින ඇඳුම් ඇඳීමට පෙර මේසය උඩ තිබුණු ඔහුගේ මුද්ද බිමට වැටී රෝල් වී ඇඳයට ගොස් නොපෙනී ගිය නිසා ඔහු දණ ගසාගෙන ඇඳ යටට මුහුණ හොවාගෙන මුද්ද සොයන්නට පටන් ගෙන ඇත. ඒ අවස්ථාවේදී නැන්දම්මා එය දැක ඇයට ඔහුගේ පස්ස හරවා ඇතැයි සැක සිතා ඇති බව ඔහුට වැටහුණි.
ඔහු එම සිද්ධිය බිරිඳට පවසද්දී දරුවෝ ඇති තරම් සිනාසුණහ. එහෙත් බිරිඳ ඔහුට පැවැසුවේ ‘‘මීට පස්සේ පොළොව යට හිටියත් ඇඳුමක් ඇඳගෙන ඉන්නවා” කියාය.
2025 දෙසැම්බර් මස 18
59
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
133
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුද්දක් බිමට වැටිලා බිරිය යකින්නක් වෙලා