IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෙම්වතිය කැන්දන් එන්න ගියාම නෑයන්ගෙන් අපූරු සංග්‍රහයක්

හක්මන  විශේෂ  -  දෙනගම  යසන්ත  ආරියසේන
වසර දහයක් පමණ පෙම් කළ පෙම්වතිය කැඳවාගෙන එන්නට ගිය තරුණ පෙම්වතා ඇතුළු මිතුරන් පිරිසකට කාන්තාවගේ ඥාතීන්ගෙන් ලැබුණු අපුරු සංග්‍රහයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
අතමිට මුදල් ගැවසීම නිසා ඔහු පුහු මාන්නයෙන් හිස උදුම්මා ගත් තරුණයෙකි.  ගමේ බොහෝ දෙනකු සමග විවිධ ප්‍රශ්න සඳහා ගැටුම් ඇතිකර ගැනීම ඔහුගේ පුරුද්දක් විය.
මහා බර වචන යොදා ගනිමින් කවුරුන් හෝ සමග කතා කරන විට අදහස් පළ කරන මොහු  කාන්තා ඇසුර  තදින්ම ප්‍රිය කළේය. නොයෙකුත් ව්‍යාපාරික කටයුතුවල නියැළෙන මොහු මසුරු ගති ඇත්තකු බවටද ගම්මුන් අතර ප්‍රසිද්ධ වී සිටියේය.
වසර දහයකට වැඩි කාලයක සිට ග්‍රාමීය පෙදෙසක තරුණියක සමඟ සමීප ඇසුරක් පැවැත් වූ මෙම තරුණයා ඇය හා දැඩි ප්‍රේමයකින් වෙලී සිටියේය. පෙම්වතියට අතමිට දිගහැර වියදම් ද කළේය. 
දිනක්  තම මිතුරන් සමග මධු විතින් සප්පායම් වී ඔහු  පෙම්වතිය නිවෙසට රැගෙන ඒමට සැලසුම් සකස් කළේය. සැලසුම් කරගත් පරිදි පසුගිය දිනක මිතුරන් සමග පළමු වතාවට පෙම්වතියගේ නිවෙසට ගොස් තමන් පැමිණි කාරණය ඇය සමග පැවැසුවේය.


කාන්තාවගේ සැමියා ද එදින නිවසේ සිටි අතර කාන්තාව සැමියා ඇමතුවාය.  පැමිණ සිටින තරුණයා මඟ තොටේදී තමන්ට විවිධ යෝජනා කරන බවට පැවැසුවේ කිසි ගණනකට නොගෙනය. යක්ෂාරූඪ වූ සැමියා අසල්වැසි මිතුරන් කීපදෙනකුද එක්ව පැමිණි තරුණයන් සිව් දෙනාට දිගට හරහට පහර දෙන්නට විය. 
තමන් මෙතුවක් කල් පෙම් කළ පෙම්වතිය විවාහක බව ද  ඇය තමන් අන්දවා සල්ලි ගරාගෙන ඇති බව ද ඔහු දැන ගත්තේ ‍මේ මොහොතේය.
පහරදීමෙන් සෑහීමකට පත් නොවූ පිරිස පෙම්වතාගේ පැමිණි මෝටර් රථයේ ටයර් හතරේම හුළං බැස්සවීමද සිදු කළහ. 
පිරිස පොලිසියට බාරදීමට කටයුතු කරනවිට තරුණයන් අතර සිටි එක් තරුණයකු බැගෑපත්ව ඉල්ලා සිටියේ මිතුරාගේ උදව්වට පැමිණි තමන්ගේ රැකියාව අහිමි වීමට එය හේතුවක් විය හැකි බවයි. පිරිස පොලිසියට බාර නොදුන් අතර අනපේක්ෂිත ලෙස පහර කෑමට ලක්ව සිටි පෙම්වතා සහ මිතුරන් මෝටර් රථයද තල්ලු‍ කරගෙන කිලෝමීටර් දෙකක් පමණ පැමිණ හිතවතකුගේ නිවෙසේ මෝටර් රථය දමා ත්‍රීරෝද රථයක් කුලියට ගෙන ගමේ පැමිණියේ මිතුරන්ගෙන් ද හොඳවායින් දෙක තුනක් අසා ගනිමිනි. 
කට පරිස්සම් කර ගැනීමට බැරි වූ මිතුරකු කණ්ඩායමේ සිටි අතර පසුදිනට පහන්වන විට ඔහුගෙන් සිද්ධිය ගම පුරා ප්‍රසිද්ධ විය. මංගල ගමන කොහොමදැයි පෙම්වතාට ඇමතුම් දී මිතුරන් විමසන අවස්ථාවලදී ඔහු ලු‍ණු ඇඹුල් ඇති පිළිතුරු ලබාදෙන බවද පැවසේ.

 



අදහස් (0)

පෙම්වතිය කැන්දන් එන්න ගියාම නෑයන්ගෙන් අපූරු සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 58 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site