IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෙල්ලගේ ගෙට බඩ ගාගෙන ගිහින් ආච්චිගෙන් කාලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
පෙම්වතියගේ නිවෙසට බඩ ගාගෙන ගොස් අලි අකරතැබ්බක්‍‍ට මුහුණදුන් තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ඇය කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 21 හැවිරිදි තරුණියකි. වසරක පමණ කාලයක සිට කිරිඅම්මා සමග පදිංචිව සිටින්නීය. කිරිඅම්මා තනිවම නිවෙසේ පදිංචිව සිටින නිසා තරුණියගේ මව ඇගේ තනි නොතනියට තරුණිය මීට වසරකට පමණ ඉහතදී නතර කළාය.
කිරිඅම්මා විශ්‍රාමික කාන්තාවකි. විශ්‍රාම වැටුප ලබා ගත් අවස්ථාවේ දී කෑම බීම ඇඳුම් පැලඳුම් මිල මුදල් තරුණියට දීමට අමතක නොකළාය.
දෙසැම්බර් විශ්‍රාමික වැටුප ගැනීමට කිරිඅම්මා සමග කෑගල්ල නගරයේ බැංකුවකට ගිය අවස්ථාවේ දී බැංකුවට පැමිණ සිටි තරුණයකු දුරකතන අංකය කොළ කැබැල්ලක ලියා තරුණියට දුන්නේ වයෝවෘද්ධ කාන්තාවට හොර රහසේය.
පසුව තරුණිය දුරකතනයෙන් තරුණයාගේ පවුලේ තොරතුරු විමසා හඳුනා ගැනීමෙන් පසුව වයෝවෘද්ධ කාන්තාවට හොර රහසේ ඔවුහු පෙම්වතුන් බවට පත් වී සිටියහ.
වියපත් කාන්තාව තරමක් සැර පුරුෂය. කට මිණි ගෙඩියක් වගේය. කිරිඅම්මාට හොර රහසේ තරුණයා සමග සම්බන්ධතාව ඉදිරියට රැගෙන ගිය අතර ඉකුත් දිනක රාත්‍රි තරුණයා පළමු වතාවට තරුණියගේ නිවෙසට යාමට තීරණය කළේය.
 එහිදී තරුණිය අකමැත්ත ප්‍රකාශ කර සිටිය ද තරුණයාගේ බලවත් ඉල්ලීමට පැමිණෙන ලෙස දැන් වූවාය.
තරුණියට දීමේ අරමුණෙන් චොකලට් එකක් ද ගෙන තිබුණු තරුණයා එය රැගෙන රාත්‍රි 8 ට පමණ යතුරු පැදියෙන් තරුණියගේ නිවෙස ආසන්නයට ගොස් යතුරු පැදිය නතර කළේය. 
යතුරු පැදිය නතර කරන ශබ්දය ඇසුණ වයෝවෘද්ධ කාන්තාව දොර ඇරගෙන මිදුලට බැස්සේ යතුරු පැදියක් නතර කළේ කවුදැයි බැලීමටය.
උපැස් යුවළ දමා මිදුල දෙස බැලු‍ව ද යතුරු පැදියක් හා කිසිවෙකු නොමැති බව දැන ගත් වයෝවෘද්ධ කාන්තාව දොර වසා කාමරයට පැමිණෙන අවස්ථාවේ දී තරුණිය සිය පෙම්වතා පිටුපස කුස්සියේ දොරින් ගෙට ගෙන කිරිඅම්මාට පෙනෙයි යැයි සිතා බඩ ගාගෙන තරුණියගේ කාමරයට රිංගා ගත්තේ කිසිම ශබ්දයක් නොකරය.


මිනිත්තු 20 කින් පමණ පසුව වයෝවෘද්ධ කාන්තාව මිනිපිරියගේ කාමරයේ දොර රෙද්ද ඉවත් කර ගියේ හවස ගෙනත් තිබුණු ආප්ප දෙකක් සමග කෙසෙල් ගෙඩියක් දීමටය.
කොල්ලෙක් ඇඳ උඩ ඉඳගෙන සිටින අයුරු දැක ඇති වයෝවෘද්ධ කාන්තාව පුදුමයට පත්ව කෑ ගසන්නට වූවාය.
 පසුව වයෝවෘද්ධ කාන්තාව කුස්සියට ගොස් දර ලීයක් ගෙන තරුණියගේ කාමරයට ගොස් තරුණයාට පාරවල් දෙකක් දෙන්න සූදානම් වූ අවස්ථාවේ දී තරුණිය මැදට පැන තරුණයා බේරුවාය. පෙම්වතා බේරීමට ගිය අවස්ථාවේ දී තරුණියට කිරිඅම්මාගෙන් කෝටු පහරක් ද වැදුණි.
 පසුව තරුණයා තරුණියගේ කාමරයෙන් දිව යන්නට ගිය අවස්ථාවේ දී දර ලීයෙන් පහරක් තරුණයාගේ පිට දෙසට එල්ල කෙරිණ.
තරුණයා දිව ගොස් කුස්සියේ දොර ඇරගෙන යතුරු පැදිය පණ ගන්වා ආපසු නිවෙසට ගියත් විසුමක් නොවීය. මිත්තණියගේ ඇනුම් බැණුම් මධ්‍යයේ තරුණිය නින්දට වැටුණේ රාත්‍රියේ කිසිම දෙයක් ආහාරයට ද නොගෙනය.  



අදහස් (0)

කෙල්ලගේ ගෙට බඩ ගාගෙන ගිහින් ආච්චිගෙන් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 58 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site