IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සිසුවා පන්සිල්වලට බියවී පිරිවෙනෙන් කැලේ පැනලා

බුද්ධාගම විෂය ඇති දවසට පන් සිල් පද පහත් එහි තේරුමත් පිළිවෙළට කට පාඩම් කර ගුරුවරයා ඉදිරියේදී කීමට නොහැකි බව පවසා පිරිවෙනට නොයන 16 හැවිරිදි පිරිවෙන් ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ පිරිවෙනකින් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ දුෂ්කරතා ඇති ගමක 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් මව්පියන් සමග නිවසේ පදිංචිව සිටියි. මෙම ශිෂ්‍යයා ලබන අවුරුද්දේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියත් පාසල් අධ්‍යාපන කටයුතු දුර්වල යැයි පවසා මව්පියෝ අධ්‍යාපනය ලබමින් සිටි පාසලෙන් ඉවත් කර ප්‍රදේශයේ පිරිවෙන් විද්‍යායතනයකට මීට මාස 08කට පමණ ඉහතදී ඇතුළත් කර තිබේ.
පිරිවෙනට ඇතුළත් කරන ලද ශිෂ්‍යයා මුල් කාලයේ නොකඩවා පිරිවෙනට පැමිණ ඇති අතර ගුරුවරුන්ගේ හිත දිනාගෙන අධ්‍යාපනයට වඩා බාහිර වැඩ කටයුතුවල නිරතව සිට තිබේ. 
පිරිවෙනෙහි බුද්ධාගම විෂය භාරව කටයුතු කරන්නේ හිමි නමකි. 
මෙම හිමි නම මාසයක පමණ කාලයක සිට 11 ශ්‍රේණියේ ඉ​ෙගනුම ලබන ගිහි පැවිදි දෙපාර්ශවයටම විවිධ ගාථා කට පාඩම් කර එහි තේරුම සහිතව ඉදිරිපත් කිරීමට දන්වා තිබේ. අලු‍ත ඇතුළත් වූ ශිෂ්‍යයාට හිමි නම කියා ඇත්තේ පන් සිල් පද පහ කට පාඩම් කර එහි තේරුම ඉදිරිපත් කිරීමටය.


11 ශ්‍රේණියට බුද්ධාගම විෂය ඇත්තේ සතියකට දින තුනකි. බුද්ධාගම විෂය ඇති දින තුනට 16 හැවිරිදි ශිෂ්‍යයා පිරිවෙනට පැමිණෙන්නේ නැති බව වටහා ගෙන ඇති හිමි නම බුද්ධාගම විෂය ඇති දවසට නොපැමිණීම සම්බන්ධයෙන් ශිෂ්‍යයාගෙන් ඒ පිළිබඳ දිනක් පරිවේනාධිපති කාර්යාලයේ දී පරිවේනාධිපති හිමි ඉදිරියේදී විමසීය. එහිදී ශිෂ්‍යයා අතක ඇඟිල්ලක් කටේ ගහගෙන හතරට ඇඹරී ඇඹරී බිම බලා ගෙන කිසිවක් ප්‍රකාශ කර නොමැත.
පසුව බුද්ධාගම විෂය බාර හිමි නම ශිෂ්‍යයාට කියා ඇත්තේ පන් සිල් පද පහ සහ එහි තේරුම පිළිවෙළින් කියන ලෙසය. එහිදී ශිෂ්‍යයා පළමු හා දෙවැනි සිල් පද අනු පිළිවෙලට කියා තෙවැනි සිල් පදය සිව් වැනි වරටත් සිව් වැනි සිල් පදය තෙවැනි වරටත් පටලවා කියා තිබේ. පස් වැනි සිල් පදය හරියට කියා ඇති බවත් වාර්තා වෙයි. පන් සිල් පද පහේ තේරුම ද වරද්ද වරද්ද කියා තිබේ.
පසුව බුද්ධාගම විෂය භාර හිමි නම ශිෂ්‍යයාගේ මව්පියන් දෙදෙනා මීට දින කිහිපයකට ඉහතදී පිරිවෙනට කැඳවා දරුවා පිරිවෙනට දිනපතා නොපැමිණීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස පවසා තිබේ.  එහිදී මව කියා ඇත්තේ දිනපතා පිරිවෙන් යන බව පවසා නිවසින් පිටව ආ බවය. 
පසුව ශිෂ්‍යයා පරිවේනාධිපති බුද්ධාගම විෂය භාර හිමි නම හා මව්පියන් ඉදිරියේදී කියා ඇත්තේ තමන්ට පිළිවෙළින් පන් සිල් පද පහ සහ එහි තේරුම කිව නොහැකි බවය. බුද්ධාගම විෂය තිබෙන දවසට මිතුරකුගේ නිවසට ගොස් පිරිවෙන ඇරෙන වේලාව බලා යළි නිවසට ගිය බවය.
එහිදී පරිවේනාධිපති හිමියන් මව්පියන්ට කියා ඇත්තේ ලබන අවුරුද්දේ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින දරුවකු බවත් පන් සිල් පද පහවත් බැරිව කොහොමද ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නේ යැයි ශිෂ්‍යයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මව්පියන්ට පැවසීය.  
දරුවන් පාසල් යනවා වගේම ඔවුන් පාසල් යනවා ද නැද්ද ඉගනුම ලබනවා ද නැද්ද මසකට වරක් පැමිණ ගුරුවරුන් ගෙන් ඒ ගැන විමසා සිටින ලෙසත් පවසා තිබේ.
 ගුරුවරුන්ට පමණක් දරුවන්ගේ විභාග සමත් කළ නොහැකි බවත් මව්පියන් ද ඒ ගැන සොයා බලන ලෙස දැඩි ලෙස අවවාද දී තිබේ. පසුව ශිෂ්‍යයාගේ මව්පියන් හිමිවරුන් ඉදිරියේ කිසිවක් නොකියා පිරිවෙනෙන් බැස ගොස් ඇති බවත් වාර්තා වෙයි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (0)

සිසුවා පන්සිල්වලට බියවී පිරිවෙනෙන් කැලේ පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1471 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site