IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුතා පියාට ගෙනා උපන් දින කෑම පාර්සලය රිළවු උදුරාගෙන

තම බිරියගේ උපන් දිනයට සකසන ලද  රසවත් කෑම වේල ආයතනයේ සේවය කරන සදාදර සැමියා ඇතුළු ආයතනයේ සේවක පිරිසකට නොදී රිළා රංචුවක් එය භුක්ති විඳීමේ සිද්ධියක් ඇතුගල්පුරයෙන් අසන්නට ලැබුණි.
මෙම පවුලේ සියලු දෙනාගේම උපන් දින සාද සෑම වසරකම ජයටම නිවසේ සිට  සමරන්නේය.
එහෙත් මෙවර තම බිරියගේ උපන් දිනය සැමරීමට  පවුලේ අය එක් වුවත් සැමියාට ඊට සහභාගිවීමට නොහැකි විය.
ඒ ඔහු වසර අවසානයේ සේවය කරන ආයතනයේ තිබෙන කාර්ය බහුලත්වය නිසාය. එයට ඔහු නොගියත් සැමියා තම  ආයතනයේ සේවකයන්ද සමගින් ස්මාර්ට් පෝනයේ  වීඩියෝ ඔස්සේ ඒ අවස්ථාවේ එය නරඹමින් ඇයට සුබ උපන් දිනයට සුබ පැතුවේය.


එලෙස උපන් දිනය සැමරීම නිමා වුවද ඒ වෙනුවෙන් සකසන ලද කේක් හා විශේෂිත කෑම වේලෙන් කොටසක් තම සැමියාටත්, එහි සේවය කරන සේවකයන්ටත් යැවීමට බිරිය අමත නොකළාය.
ඇය නිවසේ සිට ඊට අදාළ පාර්සලයක් ලහි ලහියේ සැකසුවාය. එය තම පුතු අතට දුන්නාය.
පුත්‍රයා යතුරුපැදිය පණ ගන්නාගන කිලෝ මීටර් පනහක පමණ දුර ගෙවා දඹුල්ල-කුරුණෑගල මාර්ගය  ඔස්සේ පියා වැඩ කරන ආයතනය පිහිටි ඇතුගල ඉසව්ව කරා පැමිණ ගේට්ටුව  අසල නතර කළේය.
ගේට්ටුව වසා ඇත. පෙනෙන්නට කිසිවකු නැත. ඒ නිසා යතුරු පැදිය එහි නවතා  පුතු ඇතුළට ගියේය.
පියා හමුවූ පුතු අම්මා සැකසූ උපන් දින කෑම  පාර්සලය ගෙනා බව පැවසීය. කාටත් හොරා එය එවූ පුවත අසා ආයතනයේ සේවකයෝද පුතු වටා රොක් වූහ.
‘‘පාර්සලය කොයි.  එය යතුරු පැදිය මත. ඒ නිසා එය ගැනීමට රස කර කර කෑමට සියල්ලෝ ගේට්ටුව අසල නවතා ඇති යතුරුපැදිය කරා ළඟා  වූහ.’’
යතුරුපැදිය ඇත. එහෙත් කෑම පාර්සලය එහි නැත. වට පිට බැලූ ඔවුනට දැක ගැනීමට  හැකිවුණේ  අවට ගැවසෙන රිළා රංචුවක් එය ඩැහැගෙන ගොස් ආයතනයේ වහලය මත තබාගෙන ඇයගේ උපන් දිනය ජයටම රිළවුන් සමරන අයුරුය. 

 

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

පුතා පියාට ගෙනා උපන් දින කෑම පාර්සලය රිළවු උදුරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 58 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site