IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කන්තෝරුවේ අනියම් පෙම සේසතම සුද්ද කරලා

මාවරල පී.එස්. මද්දුමගේ
අනියම් ඇසුරකින්  තම  මාසික වැටුපට තට්ටුකර ගත් පුද්ගලයකු පිළිබඳ සිද්ධියක්  මාතරට නුදුරින්  ප්‍රදේශයක ගම්මානයකින් වාර්තා වේ.
ඔහු  28 හැවිරිදි තරුණයෙකි. ඉතා ජේත්තුකාරයකු වූ මොහු රජයේ කාර්යාලයක ලිපිකරුවෙකි. දෙදරු පියකු වූ  ඔහු ගාල්ල  පළාතේ කාර්යාලයක සේවය කළ අතර, පවතින ආර්ථික ගැටලු‍ නිසා ගාල්ල ප්‍රදේශයේම  නේවාසිකව  සිට රාජකාරි කළේය. සති අන්තයේ නිවසට ඒමට පුරුදුව සිටියේය.
බිරිය ස්වාමිපුරුෂයාගේ මවුපියන් සමග එකම නිවෙසක සිටි බැවින්  පවුලේ අවශ්‍යතා සඳහා ඔහුගේ මැදිහත් වීමක් සිදු නොවුණි. ගෙදරට බඩු මුට්ටු ගෙන ඒමට බිරිය, පියා සමග වෙළෙඳ පොළට යාම සිරිතක් වීය.
හිරිමල් තරුණ වියේ මොහු සේවා ස්ථානයට අලු‍තින් පත්වීමක් ලැබ පැමිණි නවක නිලධාරිනියක  සමග අනියම් ඇසුරක් ගොඩ නඟා ගැනීමට  සමත් වීය. තම බිරිඳට වඩා රූමත් නාඹර පැගිරි වියේ පසු වූ  අනියම් පෙම්වතියට දැඩි ආදරයක් දැක්වූ මොහු තමා අවිවාහකයකු ලෙස පෙනී සිටීමට වග බලා ගත්තේය. 


තරුණිය විවාහ කර ගැනීමටද පොරොන්දු දී සිටි මොහු අතමිට දිග හැර ඇයගේ මුදල් අවශ්‍යතා සඳහා වියදම් දැරීමටද පසු බට නොවීය. මේ අතර මොහුගේ බැංකු ගිණුම් කාඩ්පතද තරුණියටදී සමහර අවස්ථාවල ඇයට අවශ්‍ය  මුදල් බැංකුවෙන් ලබා ගැනීමටද ඉඩකඩ සලසා තිබුණේ පවතින ඇසුර ඉතාම විශ්වාසවන්තව පවත්වන බව ඇගවීමටය.
එක්  මාසයක  අන්තිම සතියේ දිනක ඇය බැංකු කාඩ්පත ඉල්ලාගෙන ගොස් ඇයට අවශ්‍ය මුදල් ලබාගෙන මොහුට ආපසු බැංකු කාඩ්පත් ගෙනවිත් දුන්නාය.  
අගනගරය ආසන්නයේ දුෂ්කර ගම්මානයක ජීවත් වූ තරුණිය  මුදල් අපහසුතාවකින්  පසු වූ අතර දිනකට එක සාරියක් බැගින් ඇඳගෙන ඒමට සිදුවීම නිසා අවශ්‍ය සාරි ගැනීමට මුදල් සොයා ගත්තේ මෙම ආදර සම්බන්ධතාව මත බව  ඔහු දැන සිටියේය. එදින මුදල් ලබාගැනීමෙන් පසු කාන්තාව තම නිවෙස බලා ගියේ ඉදිරි වැඩ දිනයට නිවාඩුවක් ද  ලබා ගනිමිනි.
එම සති අන්තය දින තුනක නිවාඩු කාලයක් වූ බැවින් මොහු ද නිවෙසට ගියේ  සිකුරාදා සවසය. නිවෙසට යනවිට දරුවන්ට සහ බිරිඳට යමක් ගෙන යාම සඳහා බැංකුවෙන් මුදලක් ගැනීමට  ගොස්  ටෙලර් යන්ත්‍රයට බැංකු කාඩ් පත අැතුළත් කිරීමේදී පෙන්නුම් කළ මුදල් ශේෂය නිසා  මොහුට දෙවියන් සිහි විය.
ගිණුමට වැටුප බැරවන නිසා මාසේ පඩිය ඇති බව විශ්වාස කළ මොහුට දැනගැනීමට ලැබුණේ  වැටුපෙන් වැඩි මුදලක්  අනියම් පෙම්වතිය  අරගෙන ඇති බවය.
මාසයේ ගෙදර වියදමට සරිලන මුදලක් මේ මාසය තුළ වියදම් කිරීමට අවශ්‍ය මුදල් ගිණුමේ නොමැති වීමෙන් අන්ද මන්ද වූ මෙම  තරුණයා කුමකින් කුමක් කරම්දෝයි සිතමින් බැංකුවෙන් ලබාගත් සුළු මුදලකින් ගෙදර දරුවන්ට රසකැවිලි රැගෙන නිවෙසට ගියේ බර කල්පනාවකිනි.
වෙනදා ගෙදර සිටින විට හැසිරෙන ආකාරයට වෙනස් කල්පනාකාරී ස්වරූපයකින්  පසුදින උදේ  ස්වාමි පුරුෂයා  කාලය ගෙවන බව දුටු බිරිඳ ඒ ගැන විමසීය. 
 සිදුවීම ගැන කුමක් කරම්දෝයි සිතූ ඔහුට එක වරටම  කපටි නුවණක් පහළ විය.
“මම  බැංකුවෙන්  පඩි සල්ලි අරගෙන එද්දී බස් එකේදී පොකට් ගැහුවා. මාසෙ වියදමට මුදල් සොයා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය ගැනයි කල්පනා කළේ. ඔහු කීවේ වෙන කළ හැකි දෙයක් නොවූ නිසාය.
 “හරි හරි... ඕකට ඒ හැටි කල්පනා කරන්න ඕන නෑ.... මගේ මාලය බැංකුවට තියල මුදලක් අරගමු. ප්‍රශ්නය ඉවරයිනේ.”  බිරිය කීවේ ඔහුගේ සිතට සහනයක් දෙමිනි. ඇගේ මාලය අතට ගත් ඔහු වහ වහා නගරයේ උකස් මධ්‍යස්ථානය දෙසට යද්දී අතරමග වන්දනා ගමනක් යමින් තිබූ වෑන් රියක පිරිසක්  තේ බොමින් සිටිනු ඔහුට දැක ගත හැකිවිය. නිකමට මෙන් ඊට එබිකම් කළ ඔහුට දැක ගත හැකි වීයේ තම අනියම් පෙම්වතිය කොල්ලකුගේ කරට අත දමාගෙන පෙම් පිළිසඳරක යෙදී සිටින අයුරුය.

 



අදහස් (0)

කන්තෝරුවේ අනියම් පෙම සේසතම සුද්ද කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 59 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site