IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පූස් උපාසකගේ හොරකම නැන්දම්මාගේ රෝහල් කාඩ් එකෙන් එළිවෙලා

පූස් පැටවුන් පන්සලට ගෙනත් දැම්මේ යයි කියන රහස රහසක්සේ තබා ගැනීම සදහා සිමෙන්ති කොට්ට පහක් පූජා කළත් එය ප්‍රසිද්ධ රහසක්වී අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඉදහිටවත් ගමේ පන්සලට නොයන  අයෙකි.දානමානයක් දෙන්න තියා කෙනෙකුට වතුර වීදුරුවක් තරම් නිකන් දෙන අයකු ද නොවේ.ගමේ පන්සලට කරන තරමක් කළේ අරියාදුය. අකටයුතුය.
ආගන්තුක බැළලියක් නිවසේ පැටව් දැම්මේ මේ අල්ලපනල්ලේය. ගැබ්බරව සිටි මේ බැළලිය කොහාට හෝ දමන්න කියා බිරිඳ කීවත් ඔහු එය කනකට නොගත්තේය. භාර්යාවගෙන් බැනුම් අස අසා සිටියේය. මේ අස්සේ බැළලිය කාමරයේ අල්මාරිය උඩවූ හිස් කාඩ්බෝඩ් පෙට්ටියක පැටව් දැම්මාය. පූස් පැටව්ගේ කෑගැසීමට සමගාමීව  භාර්යාව ඔහුට ශුද්ධ සිංහලයෙන් සුබ පැතීම ද සිදුවූවාය. අවසානයේදී ඔහුට මෙය කංකරච්චලයක්ම විය. අතොරක් නැතිව භාර්යාවගේ කෑ ගැසීමෙන් බේරෙන්නට ඔහු පූස් පැටවුන් නිවසින් ගෙන යාමට සිතා ගත්තේය.


ඒ අනුව ඔහු එදා හිමිදිරි පාන්දරම කිසිම සොයා බැලීමක් නැතිව අල්මාරිය උඩ හිස් පෙට්ටියේවූ පූස් පැටවුන් ටික රැගෙන ගියේය. මේ පූස් පැටවුන් ටික නොමැරී ජීවත්වනු ඇතැයි සිතා ඔහු මේ පැටවු සමග කාඞ්බෝඩ් පෙට්ටිය ගමේ පන්සලේ අතහැරියේය.
නිවසේ පූස් පැටවුන්ගේ කෑගැසිල්ල නතර විය. ඒ එක්කම භාර්යාවගේ හඬද හමාර විය. ගතවූයේ දින දෙක තුනකි. මේ කිසිත් නොදත් සිය නැන්දණිය සායනය සඳහා  රෝහලට යාමට සූදානම්වී අල්මාරිය උඩ තිබූ හිස් කාඩ්බෝඩ් පෙට්ටිය සෙව්වාය. ඒ සිය සායනික කාඩ්පත පරිස්සමට තැබූවේ එම පෙට්ටියේ නිසාය.එහි කාඩ්බෝඩ් පෙට්ටිය නොවූයෙන් සිය බෑණනුවන්ගෙන් ඒ ගැන ඇසූවිට බෑණාට තරු විසි විය. භාර්යාවගේ ද මෙය කන වැකිණ. ඒ සමගම ගෙදර එකම යුධ පිටියකි.සායනික කාඞ් පත අනිවාර්යයෙන්ම බෝනොවන රෝගවලින් පෙළෙන නැන්දණියට ඉතා අවශ්‍යය.ඔහුට දැන් කරන්නම දෙයක් නැත.කළ හැක්කේ පන්සලට ගොස් ඒ පිළිබඳව සොයා බැලීමය.එය ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ.කෙසේවෙතත් ඔහුට පන්සලට යාමටම සිදුවූයේ සායනික කාඩ්පත ඉතාම අවශ්‍ය නිසාමය.
ඔහු දුර තියාම එනු ලොකු හාමුදුරුවෝ දුටහ.‘‘මම දැන ගත්තා උපාසක මහත්තයා නැන්දම්මාගේ ක්ලිනික් කාඞ් එක සොයාගෙන ඒවි කියලා.අන්න මම ඒක පරිස්සමට අරගෙන තිබ්බා’’ යයි ඇඟට පතට නොදැනී ලොකු හාමුදුරුවෝ ඔහුට කීහ. ‘‘අනේ ලොකු හාමුදුරුවනේ මට සමාවෙන්න.මම පූස් පැටවුන් ටික අරගෙන යන්නම් ඔහු කීවේ ලොකු හාමුදුරුවන්ට බැගෑපත් වෙමිනි.පූස් පැටවුන් ටික ඔහේ හිටියාවෙ උපාසක මහත්තයා ක්ලිනික් කාඞ් එක අරගෙන යන්නකෝයි ‘‘ලොකු හාමුදුරුවෝ කීහ.’’අනේ හාමුදුරුවනේ ඒක හරියන්නේ නැහැ.මම කරපු වරදට දඬුවමක් විදිය යුතුයි.අනෙත් එක ලොකු හාමුදුරුවනේ මේ ගැන කාටවත් කියන්න එපා. එහෙම වුණොත් මම ගමේ ඉඳලා හමාරයි.මම පන්සලේ වැඩට සිමෙන්ති කොට්ට පහක් දෙන්නම් යයි කීවේ ලොකු හාමුදුරුවන් එපා කියද්දීය.
මේ පූස් උපාසක මහත්තයා පන්සලට සිමෙන්ති කොට්ට ටික බානවිටත් ඔහු සිමෙන්ති දෙන්නේ මොකටදැයි ගමම දැන සිටියහ. ඒ ලොකු හාමුදුරුවන් කෙනෙක් එක්ක කතා කරන විට ඊට හොරෙන් අහන් ඉන්න පන්සලේ ඇබිත්තයාට පින්සිදු වෙන්නටය.

කරන්දෙණිය  එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

පූස් උපාසකගේ හොරකම නැන්දම්මාගේ රෝහල් කාඩ් එකෙන් එළිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 58 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site