තිහගොඩ උපසේන ලියනගම
මුහුණු පොතට දැඩිව ඇබ්බැහිවීම නිසා බස්කුලිය හිඟන්නකුට පිදූ ලිපිකරුවකු පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක බස් නැවතුම් පළකිනි.
තමාට යාමට නියමිත බසයට නැග ආසනයක වාඩි වීමත් සමග අතෙහි වූ දුරකථනයේ මුහුණු පොතට ඔහු දෙනෙත යොමුකළේ වටපිටාවේ කිසිදු දෙයක් ගැන අවධානයක් යොමුකොට නොවේ.
මොහොතකින් තමා අසලට ආ කිසිවකු අත පෑ නිසා බසයේ ගමනාන්තය ගැන කියා ඔහු රුපියල් හැත්තෑවක් ඔහුට දිගු කොට යළිත් මුහුණු පොතට තට්ටුවක් දමා එහාට මෙහාට ඇඟිල්ල කැරකුවේය.
රියැදුරු බසයට නැග එය පණගැන්වූ විට මුහුණු පොත් ලෝලියා අසලට ආ කොන්දොස්තර ඔහුට ටිකට් ගන්නා ලෙස කී විට ‘මම සල්ලි දුන්නා ටිකට් එකක් නම් ලැබුණේ නෑ.’ කීවේ ඔහු දෙස තරමක සැර බැල්මක් හෙළමිනි.
‘මට දුන්න සල්ලියක් නෑ.’ කොන්දොස්තර කීවේ උස් හඬිනි.
ඔවුන් අරගලයකට සූදානම් වන බව දුටු අසල වූ මගියෙක් ‘මහත්තය සල්ලි දෙනව මාත් දැක්කා හැබැයි ඔයාට නෙමෙයි. හිඟන්නෙකුට’ කීමෙන් තම වරද සිහිපත් වූ ලිපිකරුවා සිය ජංගම දුරකථනය විසන්ධිකොට යළි සාක්කුවට අත දැමුවේ මුදල් පසුම්බිය ගැනීමටය. කොන්දොස්තරවරයාට යළි මුදල් ගෙවූ ඔහු ඉන්පසුව නම් ජංගම දුරකථනය අතටවත් ගත්තේ නැතිලු.
2025 දෙසැම්බර් මස 18
58
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
133
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුණු පොතේ පිස්සුවෙන් බස් ගාස්තුව හිඟන්නකුට දීලා