IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දේවාලයේ කපුවා පිං කැටය නොකඩා පඬුරු වාෂ්ප කරලා

පන්සලේ පඬුරු පෙට්ටියේ ඉබ්බා නොකඩා එහි පඬුරු කාලයක් තිස්සේ වාෂ්ප කළ විහාරස්ථ දේවාලයේ කපුවා කපෝති වූ සිද්ධියක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.
ඇල්පිටියේ රජමහා විහාරස්ථානයකි. විහාරස්ථානයේ භාරකාරීත්වය පිරිනැමුණේ කරන්දෙණියේ ස්වාමීන්වහන්සේ නමකට මේ ළඟකදීය. උන්වහන්සේට එහි භාරකාරත්වය නිකායෙන් පිරිනැමුවේ හේතු ගණනාවක් උඩය.
එදා මුළු ගාලු දිසාවේ පමණක් නොව ලංකාවේම නමක් ගෙන තිබියදී වත්මන ගරා වැටෙමින් තිබූ වෙහෙර එදා මෙන් පුබුදුවාලීම එහි ප්‍රධාන අරමුණය.
තමා ගැන නිකාය විශ්වාසයෙන් භාරකාරත්වය ලබාදුන් මේ විහාරස්ථ බිම එදා මෙන් පුබුදුවාලීම එහි ප්‍රධාන අරමුණය.


තමා ගැන නිකාය විශ්වාසයෙන් භාරකාරීත්වය ලබාදුන් මේ විහාරස්ථ බිම එදා මෙන් පිංබිමක්  කිරීමට එහි වැඩි උන්වහන්සේට කිසිදු බාහිර අතුරු අන්තරාවක් නොමැතිව විහාරස්ථානයේ පිං කැටයේ තිබූ පඬුරු වාෂ්පවීයාම ගැනද දැනගන්නට ලැබිණි.
පුදුමය කියන්නේ මේ පිං කැටයේ ආරක්ෂාවට දමා තිබූ ඉබ්බා නොකඩා හෝ බාහිරයෙන් පෙනෙන්නට කිසිදු කැඩීමක් බිඳීමක් නොමැතිව පඬුරු වාෂ්ප වීමය. මෙය දැනගත් බොහෝ දායකයෝ පුදුමයට පත්වූහ. එහෙත් භාරකාර හිමියෝ පමණක් මෙයින් පුදුමයට පත් නොවී ඒ සම්බන්ධයෙන් සිටියේ විමසිලිමත්වය.
එසේ සිටි උන්වහන්සේට පන්සලේ පිංකැටේ පඬුරු වාෂ්පව යන ආකාරය අතටම අසුවිය. පිං කැටේ පඬුරු වාෂ්ප කරනුයේ පන්සලේ  දේවාලයක කපුවෙකි. ඔහු පිං කැටේ ඉබ්බා නොකඩා ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිත කළේය. ඒ පිං කැටේ අඩිය නවා නැවතත් සවි කිරීමට හැකි ආකාරයෙන්  ඔහු පිං කැටේ සැකසීමය. පිං කැටේ පඬුරුවලින් පිරුණු විටදී කාටත් හොරෙන් කපුවා එහි පතුල ගලවා පඬුරු සියල්ලම ගෙන යෑම සිදුකර තිබුණි.
මෙයින් පසු මේ දේවාලයේ කපුවාට දේවාලය පමණක් නොව විහාරස්ථානය ද තහනම් ප්‍රදේශයක් කිරීමට විහාර භාරකාර හිමියන් පියවර ගත්තේ එම විහාරස්ථානයේම සුබසිද්ධිය පිණිසය.



අදහස් (0)

දේවාලයේ කපුවා පිං කැටය නොකඩා පඬුරු වාෂ්ප කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 58 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site