IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයියා මල්ලි පැටලැවිල්ලකින් මුදලාලිගේ දත් ඇන්දම ගැලවිලා

මොරගොල්ලාගම සිසිර කැලේගම
අයියා මල්ලි පැටලැවිල්ලකින් අමුතු තාලයට අමාරුවේ වැටුණ ව්‍යාපාරික ස්ථානයක් පිළිබඳව අවුකන ප්‍රදේශයේ ගම් පෙදෙසකින් අසන්නට ලැබෙයි.
මෙය බැංකු ණයක් ලබාගෙන දියුණුවට පත් ව්‍යාපාරික ස්ථානයකි.
දිනක් හුරු පුරුදු මුහුණක් ඇති අයෙක් එතැනට ගොඩ විය.
“සර්... බැංකුවේ මහත්තයා නේද?” ව්‍යාපාරිකයා විමසීය.
“ඔව්, ඔව් මම තමයි ඒ.” අමුත්තා පිළිතුරු දුන්නේය.


“අනේ සර්ට පින් සිද්ධ වෙන්න තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. සර් බැංකු ණය අනුමත නොකළා නම් මට අද මෙහෙම තැනක ඉන්න බැහැනේ.
යමු සර් පොඩි අඩියක් ගහන්න... එදා සංග්‍රහයක් කරන්න හදන කොටත් පස්සේ එනවා කිව්වානේ.” ව්‍යාපාරිකයා ආයාචනා කළේය.
පෙරැත්තය ඉවතට දැමීමට බැරි යැයි කියූ ඔහු කැමැතිම වර්ගය කිව්වේය. ඒ අනුව නිමේෂයකින් බෝතලයක් මේසය මත තබා ඉහළින්ම සංග්‍රහයක් බුක්ති විඳීමට සැලැස්වීය. පදම ඉක්මවා ගිය ඔහු දැඩි අපහසුවෙන් ඉන් නික්ම ගියේය. එතැනින් නොනැවතුණු ඔහු ඉඳ හිට එහි පැමිණීමට ද අමතක නොකළේය. ඒ එන හැම වතාවකම ව්‍යාපාරිකයා ද ‍යහමින් සංග්‍රහ කළේය.
එලෙස පැමිණ සාදයකට සෙට් වී ගීයක් ගයන අතරවාරයේ තවත් අමුත්තෙක් පැමිණ ඔහුට පහර දීමට තැත් කළේය.
“එපා, එපා අපේ සර්ට ගහන්න. මේක මගේ තැන.” ව්‍යාපාරිකයා පවසද්දී හෙතෙම කිසිත් නොකියා එතැනින් පලා ගියේය.
ඒ සැණින්ම එබඳුම මුහුණක පෙනුමක් ඇති අයෙක් එතැන වාඩි විය.
“යකෝ, මෙන්න බැංකු මහත්තයා... අර එයාගේ මල්ලියෙක් නේ. අපි මෙච්චර කාලයක් අයියා කියා රැවටිලා තියෙන්නේ මල්ලිටනේ...”
ව්‍යාපාරිකයා සිද්ධිය වටහා ගන්නා විට වෙස්වලාගත් මල්ලි ව්‍යාපාරිකයාගෙන් අවස්ථා කිහිපයකදීම දත ගලවලා අවසන්ලු‍.

 



අදහස් (0)

අයියා මල්ලි පැටලැවිල්ලකින් මුදලාලිගේ දත් ඇන්දම ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 58 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site