මොරගොල්ලාගම සිසිර කැලේගම
කූරියර් සේවාව ඔස්සේ නොමිලේ ලැබුණු පාර්සල් ගැනීමට ගොස් ගෙයි හිමියාට දෙලොව රත්වීමේ පුවතක් යාපහුවේ ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි.
ඔහු විවාහකයෙකි. දරුවන් දෙදෙනකුගේ පියෙකි. දිනක් පෙරවරුවේදී යතුරු පැදියක් නිවස අසලට පැමිණ නතර කළේය. ඔහු නමක් ගැන විමසයි. ඒ තමා යැයි නිවෙස් හිමියා කීය.
“මහත්තයා... කුරියර් සේවාවෙන් පාර්සලයක් ඇවිත් තිබෙනවා... ඒක ගෙනාවා” යතුරු පැදිකරු කීවේය.
“මට මේ වෙලාවේ පාන් කියන්න බැරිව ඉන්නේ. මම එහෙම කිසිම දෙයක් ඇණවුම් කළේ නෑ...” නිවෙස් හිමියා පිළිතුරු දුන්නේය.
කුරියර් සේවාවේ ගෙනා පාර්සලය ඔහු බාර නොගත්තේය.
දින කිහිපයකට පසු තවත් කුරියර් සේවාවක් ලැබුණි.
“මම මෙහෙම දෙයක් ඉල්ලා නැහැනේ...” නිවෙස් හිමියා නැවතත් කීවේය.
“මේකට කීයක් ගෙවන්න ඕනෑද ?”
“මේකට කීයක්වත් ගෙවන්න වෙන්නේ නැහැ. ඔක්කෝම මුදල් ගෙවලා තියෙන්නේ. මහත්තයට තියෙන්නේ අත්සන් කරලා මේක බාර ගන්න විතරයි” හෙතෙම කීවේය.
හා... එහෙනම් දෙන්න...” නිවෙස් හිමියා එය බාර ගත්තේය.
ගෙට රැගෙන ගියේය. බිරිය හා එක්ව පරීක්ෂා කර බැලීය. ස්මාර්ට් වොච් එකක් එහි තිබෙනු දැක ඔවුහු සතුටු වූහ.
පොඩ්ඩෝ එය රැගෙන එහේ මෙහේ දුව පනිමින් විනෝද වූහ.
තවත් දිනක එවැනිම පාර්සලයක් පැමිණියේය.
ඒකටත් මුදල් ගෙවා ඇති නිසා කිසිත් නොකියා දෙන දෙයියෝ ගෙටම ගෙනැත් දෙනවායි කියා එයද ඔහු බාර ගත්තේය.
පසුව ඔහු බැංකුවට ගියේ ගිණුමෙන් මුදල් ගැනීමටය. ඔහුගේ ගිණුම පරීක්ෂා කළේය. ගිණුමේ සෑහෙන මුදලක් වරින්වර කැපී ඇත. ඒ ගැන විපරම් කළ ඔහුට දැන ගන්නට ලැබුණේ තම දරු පැටවුන් මෙම ස්මාර්ට් ජංගම දුරකථනය රැගෙන ඇණවුම් කරන ස්මාර්ට් වොච් මෙසේ කුරියර් සේවා ඔස්සේ ලැබීමෙන් තම වැටුපට තට්ටු වී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd