පළාත් සභාව යටතේ ඇති පාසලකින් ජාතික පාසලකට ස්ථාන මාරුවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ගුරුවරියක් කොන්දේ අමාරුවක් හදාගෙන දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා හමුවූ බව කියන සිද්ධියකි මේ.
පසුගිය දිනෙක දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා හමුවට හිටපු මන්ත්‍රීවරයෙකුද සමග පැමිණි දුර බැහැර පාසලක සේවය කරන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී තරුණ ගණිත ගුරුවරියක් තමන් බලවත් කොන්දේ අමාරුවකින් පෙළෙන බවට ආණ්ඩුකාරවරයාට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරමින් තමන්ට යාමට ඒමට පහසු පාසලකට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළාය.
ආණ්ඩුකාරවරයාද මෙවැනි දුක් ගැනවිලිවලට අවධානය යොමු කර සානුකම්පිතව කටයුතු කරන්නෙකු බැවින් ගුරුවරියගේ ඉල්ලීම වහාම ඉටු කර දීමට පියවර ගනිමින් තවදුරටත් අවශ්‍ය තොරතුරු විමසා ඇයගේ නිවස ආසන්නයේ පළාත් පාසලකට ස්ථාන මාරුව ලබා දීමට අවශ්‍ය නිර්දේශ සටහන් කෙරුණු ලිපියක්ද ඇයට ලබා දුන්නේය.
එය ප්‍රතික්ෂේප කළ ගුරුවරිය තමාට ස්ථාන මාරුව අවශ්‍ය වන්නේ පළාත් පාසලකට නොව ජාතික පාසලකට බව ආණ්ඩුකාරවරයාට පැවසුවාය.
එය කඩිනමින් කළ හැකි දෙයක් නොවන බැවින් මේ මොහොතේ කොන්දේ අමාරුවට සහනයක් ලෙස නිවසට සමීප පළාත් පාසලට ගොස් කොන්දේ අමාරුවද සුවකර ගන්නා මෙන් ආණ්ඩුකාරවරයා පියකු මෙන් ඇයට ඉතාමත් කාරුණිකව දන්වා සිටියේය.
එහෙත් එය ප්‍රතික්ෂේප කළ ගුරුවරිය ආණ්ඩුකාරවරයා දුන් නිර්දේශ ලිපියද ඉරාදමා ආණ්ඩුකාර කාර්යාලයෙන් අසතුටින් හා කේන්තියෙන් පිටව ගියාය.
දකුණු පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 60 ක් වැය කර ඉදිකරන ලද නියාගම ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල ඉකුත්දා විවෘත කිරීමේ උත්සව සභාව අමතමින් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ඔහු මුහුණ දී තිබූ මේ සිද්ධිය උත්සව සභාවේ සිටි සියල්ලන් සිනා ගන්වමින් විස්තර කළේය.
ගුරුවරියට අවශ්‍යව තිබුණේ කොන්දේ අමාරුව හේතුවක් ලෙස පෙන්වා ජාතික පාසලකට යාම බවද එවැනි අවස්ථාවාදී වැඩවලට තමන් විරුද්ධ බවද විලී ගමගේ මහතා මෙහිදී පැවසීය.
බෙන්තොට ජේ. ඉඳුරුවගේ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාරුව හදාගන්න ගුරුවරිය කොන්දෙ අමාරුව හදාගෙන