ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපොළ සහ බිම් මෙහෙයුම් සේවා අංශයෙන් Self-Check-in පහසුකම
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එකම බිම් මෙහෙයුම් සේවා සපයන්නා වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපොළ සහ බිම් මෙහෙයුම් අංශය (Airport and Ground Services) මගින්, එම ගුවන් තොටුපොළ භාවිත කරන වෙනත් ගුවන් සේවාවල මගීන් වෙනුවෙන් Self-check-in සේවා හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
සංචාරකයන් බහුලව පැමිණෙන ශීත සෘතුව ඉලක්ක කරගෙන මෙම හඳුන්වා දීම සිදු කර ඇති අතර, මෙම කාලසීමාව තුළ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 300,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ