කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AMF) සමාගම LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම හා ඒකාබද්ධ කිරීම ලබන ජූලි 31 වැනිදා සිදු කරන බව එම සමාගම පවසයි.
පසුගිය ජූනි 30 වැනිදා පැවැත්වුණු එම සමාගමේ අතිවිශේෂ මහසභා වාරයේදී කොටස් හිමිකරුවන් විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. මෙම ඒකාබද්ධවීමත් සමගින් AMF සමාගම අහෝසි වී යන අතර, එය ඉදිරියට LB ෆිනෑන්ස් පීඑල්සී නමින් පවත්වාගෙන යාමට නියමිතය.
මෙහිදී AMF සමාගමේ කොටස් LB ෆිනෑන්ස් පීල්සී වෙත හුවමාරුවක් සිදු නොවන අතර, එම සමාගමේ කොටස් හිමිකරුවන්ට එක් කොටසකට රුපියල් 55 ක් බැගින් ගෙවීමක් සිදු කරනු ඇතැයි සඳහන් වෙයි. එසේම මෙම ඒකාබද්ධවීමත් සමගින් AMF හි පවතින LB ෆිනෑන්ස් පීඑල්සී කොටස් අවලංගු වී යන බවත් සමාගම පවසයි.
ඒ අනුව ලබන ජූලි 27 වැනිදා AMF සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමක් සිදුවනු ඇතැයි බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd