පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 29.5ක ඉහළ යාමක්
2026 වසරේ ජනවාරි සිට ජුනි දක්වා වූ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,373.8 ක (ට්‍රිලියන 1.37ක) ආදායමක් රැස් කිරීමට සමත්ව ඇතැයි පවසයි. ඒ අනුව මෙය පෙර වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් ආදායමට සාපේක්ෂව සියයට 29.5 ක ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ.
එසේම දැනට රැස් කරගෙන ඇති මෙම ආදායම 2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී ඇති වසරේ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207න් සියයට 62.2 කට සමාන ප්‍රතිශතයක් ගන්නා බවත් සඳහන් වෙයි.
විශේෂයෙන්ම ආයතනයේ ශක්තිමත් බලාත්මක කිරීම, වැඩිදියුණු කළ තක්සේරුකරණ පිළිවෙත් සහ ආනයන පරිමාවන් යථා තත්වයට පත් වීම යනාදී කාරණා හේතුවෙන් මෙලෙස ආදායම ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
මෙම වාර්තා පෙන්වා දෙන ආකාරයට රේගුව ජුනි මාසයේදී රුපියල් බිලියන 225.2 ක ආදායමක් රැස් කිරීමට සමත්ව ඇති අතර, එය එම මාසය සඳහා ලබා දී තිබූ රුපියල් බිලියන 184.9 ක ඉලක්කයට සාපේක්ෂව සියයට 22ක ආදායම් ඉක්මවා යාමකි. 2025 වසරේදී ශ්‍රී ලංකා රේගුවේ සංශෝධිත ආදායම එහි ඉලක්කය වූ රුපියල් බිලියන 2,241 ඉක්මවා ගිය අතර, එය 2024 වසරේ ආදායමට වඩා සියයට 64.2 ක වැඩිවීමක් වාර්තා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd