මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිත කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළද, විධිමත් ආයතනවලින් ණය සහ මූල්‍ය සේවා ලබා ගැනීමට ඔවුන්ට තවමත් ඇත්තේ ඉතා සීමිත ප්රවේශයකි.