
ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ වසරේ දෙවැනි භාගයේ ප්‍රමුඛතා පිළිබඳව අවධානය
මෙරට සංචාරයේ නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායම සමගින් සාකච්ඡාවක් පැවැත්වූ බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ වසරේ දෙවැනි භාගය සඳහා ප්‍රමුඛතා පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ.
මෙහිදී පෞද්ගලික අංශය ප්‍රමුඛ ශක්තිමත් වර්ධනයක් සඳහා කොන්දේසි ඉදිරිපත් කරන අතරම සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම කෙරෙහිද සාකච්ඡාවේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව මූලික තේමා හයක් මෙම සාකච්ඡාවට ඇතුළත් වී ඇති අතර, ආයෝජන වාතාවරණය වැඩිදියුණු කිරීම, ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීම, අපනයන ව්‍යාප්තියට සහාය වීම, සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම, බලශක්ති අංශ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සහ රාජ්‍ය අංශය පුරා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය වේගවත් කිරීම ඒ අතර වූ බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
විශේෂයෙන්ම ගෝලීය හා දේශීය තත්වයන් අනුව වෙනස් වෙමින් පවතින තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම්‍යශීලීභාවයට ඉඩ සලසමින් ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ අත්දැකීම් සහ ප්‍රමුඛතා ප්‍රතිපත්ති සාකච්ඡාවලට දායක වන බවත් රටේ දිගුකාලීන ආර්ථික වර්ධනය සහ තරගකාරීත්වය සඳහා හොඳම ප්‍රතිඵල සඳහා සහාය වන බවත් සහතික කරමින්, වැඩසටහන පුරාම ලංකා වාණිජ මණ්ඩලය IMF සමග සම්බන්ධ වෙමින් සිටි බවත් මෙහිදී පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd